Thursday, June 22, 2017

උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් 1



ආර්ථික විද්‍යාව 1
උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන්

සැ.යු : පාරිබෝගික ආදායමේ හට ගන්න වෙනසට ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි.

මුදලේ කාර්යයන්
1.හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම
2.වටිනාකමේ සන්නිදියක් ලෙස ක්‍රියා කිරීම
3.ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීම
4.විලම්බිත  මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම ( කල් පසු කරන ගෙවීම් )

මුදලේ ගුණාංග
1.සමජාතීය බව
2.කල් පවත්නා බව
3.හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදු පිළිගැනීම
4.වටිනාකම  ස්ථාවරව තිබීම
5.කුඩා කොටස් වලට බෙදිය හැකි බව
6.පහසුවෙන් රැගෙන යා හැකි බව
7.ව්‍යාජ ලෙස අනුකරණය කල නොහැකි වීම

ද්‍රවශීලීතාවය යනු කල් පමාවකින් තොරව හා අමකර පිරිවැයකින් තොරව හුවාරු මාධ්‍යයක් බවට පත් කරලීමේ හැකියාවයි.

අතීතයේ රන් කරුවන්ගෙන් ලබා ගත් තැන්පතු කුවිතාන්සිය පොරොන්දු නෝට්ටු ලෙස හදුන්වයි.

භාගික සංචිතයක් මත පදනම් වූ මුදල් ක්‍රමයක් ලෙස සලකනුයේ මුලු මුදල් සැපයුමේ ප්‍රමාණයටම සමාන සංචිතයක් තබා නොගෙන කිසියම් ප්‍රතිශතයක් පමණක් දංචිත වශයෙන් තබා ගෙන මුදල් නිකුත් කිරීමයි.

ආසන්න මුදල් යනු වටිනාකමේ සංනිධියක කාර්යය ඉටු කරනු ලැබුවද හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා නොකරන පහසුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරළා ගත හැකි වත්කම්ය.(ස්ථාවර තැන්පතු/භාණ්ඩාගාර බිල්පත්)

ආදේශක මුදල් යනු සංනිධියක කාර්යය ඉටු නොකරන තාවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන දෑය.(ණයපත්)

මුදල් සැපයුම යනු යම් රටක දිනකට මහජනයා අතර හුවමාරු වන මුදල් තොගයේ වටිනාකමයි.මේ සදහා,
1.බැංකු ක්‍රමය සතු ශුද්ධ විදේශ වත්කම්
  • බැංකු ක්‍රමය රජයට දුන් ණය
  • බැංකු ක්‍රමය සතු අනෙකුත් ශුද්ධ වත්කම්
4.වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය ආදිය බලපායි.

*කිසියම් ලක්ෂයකදී පවතින නම්‍යතාව - ලක්‍ෂ නම්‍යතාවයි
*විචල්‍යන් 2 ක් අතර පවතින නම්‍යතාව - චාප නම්‍යතාවයි

පටු මුදල්  (M1)  = ව්‍යවහාර මුදල් + මහජනතාව සතු ඉල්ලුම් තැන්පතු
පුළුල් මුදල්(M2) = (M1) + මහජනයා සතු වාණිජ බැංකු වල කාලීන හා ඉතුරුම් තැන්පතු
M2b =  (M2) + අනේවාසික විදේශ ව්‍යවහාර බැංකු වල ඇති  මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතුත් විදේශ ව්‍යවහාර බැංකු වල ඇති නේවාසික තැන්පතු
M4 =  M2b    + බලපත්‍රලාභී විශේශිත බැංකු වල ඇති ආසන්න මුදල් + ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු

මුදලට ඇති ඉල්ලුම චේතනා 3 කි
1.ගනුදෙනු චේතනාව
2.ආරක්ෂණ චේතනාව
3.සමපේක්ෂණ චේතනාව (වටිනාකමේ සංනිධියක් ලෙස)

ආදායම හැරුණු විට මුදල් සැපයුමට බලපාන සාධක
1.පොළී ආදායම ( පිළිණපත්)
2.මූල්‍ය ක්‍රමයේ නව්‍යතා ( ආසන්න මුදල්/මුදල් ආදේශක )
3.ආයතනික සාධක ( සතිපතා වැටුප් ලැබේ නම් මුදල් ඉල්ලුම පහළ යයි.
4.මිල මට්ටම (මිල මට්ටම ඉහල යාමෙන් මුර්ත ආදායමේ නාමික අගය ඉහල ගොස් මුදල් ඉල්ලුම වැඩි වේ.)

මුල්‍ය පද්ධතියේ සංරචක
1.මධ්‍යම බැංකුව
2.මූල්‍ය වෙළදපල
3.මූල්‍ය ආයතන
4.මූල්‍ය යටිතල පහසුකම්
5.මූල්‍ය උපකරණ
6.අනෙකුත් නියාමන අධිකාරීන්

මූල්‍ය උපකරණ කොටස් 3 කි
1.තැන්පතු
2.ණය
3.සමාගමික කොටස්

රජයේ ණය උපකරණ
1.භාණ්ඩාගාර බිල්පත්
කෙටි කාලීනව රජයට ණය ලබා ගැනීමට ණයක් සටහන් කරමින් දෙන ලද සහතිකයකි
දින 91 /182/364 යන කාලවලදී ගෙවයි
පොලිය මුහුනතේ වටිනාකමේ ඇත
මුහුණතේ වටිනාකමට අඩුවෙන් මිලදී ගත හැකි නිසා මිලදී ගන්නා දිනයේම පොළිය ලැබේ
අතිශයින්ම ද්‍රවශීලී නිසා ද්විතීක වෙළදපලේදී මුදල් බවට පෙරලා ගත හැක.

2.භාණ්ඩාගාර බැදුම්කර ( පිළිණපත්)
ණය ගැනුම්කරු විසින් ණය දෙනු ලබන්නාට අදාළ ණය මුදල නියමිත දිනයේදී ගෙවන බව සදහන් කර දෙන සහතිකයකි.
මධ්‍යම හා දිගු කාලීන ණය ගැනීමට ( අවු 2- 10 දක්වා)
මෙහි සමාන කාල පරිච්ජේදවලදී ණය හිමියාට පොලිය ගෙවන අතර ඒවා කූපන් ලෙස හදුන්වයි.

No comments:

Post a Comment