Thursday, June 22, 2017

MCQ ආර්ථික විද්‍යාව 01

1.නිෂ්පාදන හැකියා මායිමට ඇතුළතින් පිහිටි ලක්ෂ්‍යයක්

  1. සේවා වියුක්ත සම්පත් කිසියම් ප්‍රමාණයක් පවතින බව හඟවයි.
  2. අත්කර ගැනීම අපහසු වේ.
  3. නිෂ්පාදන හැකියා චක්‍රය මත පිහිටි ලක්ෂ්‍යයන්ට වඩා යහපත් වේ.
  4. සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත බව හඟවයි.
  5. ආවස්ථික පිරිවැය පිළිබඳ අදහස පෙන්නුම් කරයි.

2.කුටුම්බ හා නිෂ්පාදන ආයතන වෙන් වෙන් වශයෙන් ගනු ලබන තීරණ අධ්‍යයනය කෙරෙන ආර්ථික විද්‍යා විෂය කේෂත්‍රය වනුයේ,
  1. සාර්ව ආර්ථික විද්‍යාවයි.
  2. සූක්ෂම ආර්ථික විද්‍යාවයි.
  3. යථෘනුරූපී ආර්ථික විද්‍යාවයි.
  4. අභිමාතානුරූපි ආර්ථික විද්‍යාවයි.
  5. ගෘහ ආර්ථික විද්‍යාවයි.

3.පහත සඳහන් ඒවා අතුරෙන් අභිමතානුරුපී ප්‍රකාශනය වනුයේ කුමක් ද?
  1. ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික සම්පත්, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය වශයෙන් වර්ග කරති.
  2. පරිසරය හිඟ සම්පතකට උදාහරණයක් වේ.
  3. ආදායම ඉහළ නගී නම්, සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය පහළ වැටේ.
  4. අසීමිත මිනිස් වුවමනා සපුරාලීම සඳහා ආර්ථිකයන් සතුව ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි.
  5. සම්පත් අසමාන ලෙස බෙදීයාම අසාධාරණ වේ.

4.පහත සඳහන් දෑ අතුරෙන් ස්වභාවික සම්පතකට උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ කවරක් ද?
  1. වික්ටෝරියා වේල්ල
  2. හම්බන්තොට වරාය
  3. කුඹුරක්
  4. කුකුළු ගොවිපොළක්
  5. දුන්හිඳ දිය ඇල්ල

5.ආර්ථික භාණ්ඩයක් යනු,
  1. නිෂ්පාදනයේ දී ආවස්ථික පිරිවැයක් හට ගන්නා භාණ්ඩයකි.
  2. නිෂ්පාදනයේ දී සම්පත් උපයෝජනය නො කෙරෙන භාණ්ඩයකි.
  3. තරගතාරී ලෙස සපනු ලබන භාණ්ඩයකි.
  4. නිෂ්පාදනයේ දී ලාභයක් ජනනය කෙරෙන භාණ්ඩයකි.
  5. ශුන්‍ය මිලක දී වුව ද ලබාගත හැක්කකි.

6.නිෂ්පාදන සාධක පිළිබඳ පෞද්ගලික හිමිකම, වෙළඳපොළ මගින් සම්පත් බෙදා වෙන් කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකේන්ද්‍රණය වීම යන ලක්ෂණවලින් සමන්විත ආර්ථික පද්ධතිය,
  1. වෙළඳපොළ ආර්ථිකයයි.
  2. සාම්ප්‍රදායික ආර්ථිකයයි.
  3. සමාජයීය වෙළඳපොළ ආර්ථිකයයි.
  4. විධානගත ආර්ථිකයයි.
  5. මධ්‍යගත සැලසුම් සහිත ආර්ථිකයයි.

7.ආර්ථිකයක සම්පත් බෙදා වෙන් කිරීම සඳහා මිල යාන්ත්‍රණය යොදා ගත් විට, වෙළඳපොළ මිල ගණන්
  1. ඉහළ යා යුතුය.
  2. සාමාන්‍යයෙන් රජයේ නියාමනයට ලක් කෙරේ.
  3. මුළුමුනින් ම නිෂ්පාදන පිරිවැය මත ම තීරණය වේ.
  4. ඉල්ලුම වෙනස් වීම කෙරෙහි ප්‍රතිචාර නො දක්වයි.
  5. ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණ පිළිබඳ සංඥා නිෂ්පාදකයන්ට ලබා දේ.

8.වෙළඳපොළ ආර්ථිකයක් තුළ මිල ගණන්වල ප්‍රධාන කාර්යයක් වනුයේ,
  1. හිඟ සම්පත් බෙදා වෙන් කිරිම ය.
  2. නිෂ්පාදන ආයතනවලට ලාභ ඉපැයීම සඳහා යාන්ත්‍රණයක් සපයා දීම ය.
  3. ආර්ථික ස්ථායිතාව උසස් කිරීමය.
  4. ආදායම් ව්‍යාප්තිය යහපත් කිරීමය.
  5. ඉල්ලුම් චක්‍රවල නම්‍යතාව තීරණය කිරීම ය.

9.කිසියම් භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම් චක්‍රය දකුණට විතැන් විම සිදුවිය හැක්කේ,
  1. කිට්ටු ආදේශක භාණ්ඩයක මිල පහළ වැටීම නිසා ය.
  2. එම භාණ්ඩයේ මිල පහත වැටීම නිසාය
  3. ආදායම ඉහළ නැගීම නිසා ය.
  4. අනුපූරක භාණ්ඩයක මිල ඉහළ යැම නිසා ය‍‍.
  5. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා ය.

10.ඉල්ලුම් චක්‍රයක් ඇඳීමේ දී ස්ථාවර ව පවතින්නේ නැතැයි සලකනුයේ පහත සඳහන් දැ අතුරෙන් කවරක් ද?
  1. පාරිභෝගිකයන්ගේ මුදල් ආදායම
  2. පාරිභෝගිකයන්ගේ අභිරුචිය
  3. එම භාණ්ඩයේ මිල
  4. ආදේශක භාණ්ඩවල මිල
  5. අනුපූරක භාණ්ඩවල මිල

11.කිසියම් සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම, මිල සමග ප්‍රතිලෝම සම්බන්ධයක් පෙන්නුම් කරනු ලබන අතර එම භාණ්ඩයේ සැපයුම, මිල සමග අනුලෝම සම්බන්ධයක් පෙන්නුම් කරයි. යම් දෙන ලද අවස්ථාවක දී, එම භාණ්ඩය ඒකකයක් රුපියල් 50 බැගින් ඒකක 5000 ක් අලෙවි කරනු ලබන අතර, ඊට පසු අවස්ථාවක දී එම භාණ්ඩය ඒකකයක් රුපියල් 60 බැගින් ඒකක 8000 ක් අලෙවි කෙරේ. මෙම වෙනස සිදුවිය හැක්කේ පහත සඳහන් කවර කරුණක් නිසා ද?
  1. අනුපූරක භාණ්ඩයක මිල ඉහළ යාම.
  2. ආදේශක භාණ්ඩයක මිල ඉහළ යාම.
  3. භාණ්ඩය මත අලෙවි බද්දක් පනවනු ලැබීම.
  4. යෙදවුම්වල ඵලදායිතාව ඉහළ නැගීම.
  5. අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම.

12.එක්තරා නිෂ්පාදන අායතනයක් විසින් නිපදවනු ලබන භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව, -0.8 ක් වේ. නිෂ්පාදන ආයතනය විසින් එම භාණ්ඩයේ මිල ඉහළ නංවනු ලැබුවහොත් ආයතනයේ අයභාරය.
  1. ඉහළ නගී.
  2. පහළ බසී.
  3. නොවෙනස් ව පවතී.
  4. 8% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ බසී.
  5. 8% කට වඩා අඩු ප්‍රමාණයකින් පහළ බසී.

13.කිසියම් වෙළඳපොළක් සමතුලිතතාවේ පවතීයයි නිර්වචනය කරනු යේ,
  1. අවම පිරිවැයක් යටතේ උපරිම නිමැවුමක් ලබාගන්නා විටය.
  2. නිෂ්පාදන අතිරික්තය උපරිම වන විටය.
  3. මිල ගණන් පැවතිය හැකි අවම මට්ටමක පවතින විට ය.
  4. පාරිභෝගික තෘප්තිය උපරිම වන විට ය.
  5. වෙළඳපොළ මිල වෙනස් වීමට ප්‍රවණතාවක් නොපවතින විට ය.

14.මිල ඉල්ලුම් නම්‍යතාව ශුන්‍ය අගයක් වන කිසියම් භාණ්ඩයක නිමැවුම් මත පනවනු ලබන ඕනෑම බද්දක්,
  1. සැපයුම් චක්‍රයෙහි වෙනසක් ඇති නොකරයි.
  2. සැපයුම් චක්‍රය දකුණට විතැන් කරයි.
  3. ඉල්ලුම් චක්‍රය දකුණට විතැන් කරයි.
  4. මුළුමනින් ම නිෂ්පාදනය විසින් දරනු ලැබේ.
  5. බද්දේ ප්‍රමාණයෙන් ම භාණ්ඩයේ මිල ඉහළ නංවයි.

15.හීනවන ඵල නීතිය”  වඩා නිවැරදි ව විස්තර කෙරෙනුයේ පහත සඳහන් කවර ප්‍රකාශයක් මගින් ද?
  1. කිසියම් භාණ්ඩයක පරිභෝජනය වැඩි කරන විට, මුළු තෘප්තිය අඩුවන වේගයකින් ඉහළ නගී.
  2. ස්ථාවර සාධකයක් සමග විචල්‍ය සාධකයක් වැඩි වැඩියෙන් යෙදීමේ දී මුළු නිෂ්පාදිතය අඩුවන වේගයකින් ඉහළ නගී.
  3. සියලු ම සාධක සමානුපාතික ව වැඩි කරනු ලබන විට, මුළු නිෂ්පාදිතය අඩුවන වේගයකින් ඉහළ නගි.
  4. ස්ථාවර සාධකයක් සමග විචල්‍ය සාධකයක් වැඩි වැඩියෙන් යෙදවීමේ දී, නිෂ්පාදනයේ ආන්තික පිරිවැය අඩු වේ.
  5. සියලු ම සාධක සමානුපාතික ව වැඩිකරනු ලබන විට, නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ නගී.

16.පූර්ණ තරගය සමග අනුකූල නො වනුයේ පහත සඳහන් කරුණු අතුරින් කවරක් ද?
  1. වෙළඳපොළ තුළ නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් සිටීම.
  2. එක් එක් ආයතනය ප්‍රචාරණයෙහි යෙදී ම.
  3. වෙළඳපොළෙහි එක් මිලක් පමණක් පැවතීම.
  4. නිෂ්පාදිතය සමජාතීය වීම.
  5. සෑම ආයතනයක් සතුව ම පූර්ණ නම්‍ය ඉල්ලුම් චක්‍රයක් පැවතීම.

17.පූර්ණ තරගකාරී වෙළඳපොළක කටයුතු කරන නිෂ්පාදන ආයතනයක් සමතුලිතතාවේ සිටින විට, එහි සාමාන්‍ය අයභාරය
  1. ආන්තික අයභාරයට වඩා අඩුවන අතර, එම අගයන් දෙක ම ධන අගයක් ගනී.
  2. ආන්තික අයභාරයට වඩා සමාන වන අතර, එම අගයන් දෙක ම ශුන්‍ය අගයක් ගනී.
  3. ආන්තික අයභාරයට සමාන වන අතර, එම අගයන් දෙක ම ධන අගයක් ගනී.
  4. ආන්තික අයභාරයට වඩා වැඩි වන අතර, ආන්තික අයභාරයේ අගය ශුන්‍ය වේ.
  5. ආන්තික අයභාරයට වඩා වැඩිවන අතර, ආන්තික අයභාරය ධන අගයක් ගනී.

18.අඹ වගා කරන ගොවිහු තම අඹ අස්වැන්න ජෑම් නිෂ්පාදනය කරන සමාගමකට රුපියල් 5000 ක මුදලකට අලෙවි කරති. නිෂ්පාදන සමාගම එලෙස නිපද වූ අඹ ජෑම්, රුපියල් 8000 ක මුදලකට සුපිරි වෙළඳසැලකට අලෙවි කරයි. සුපිරි වෙළඳසැල එම ජෑම් රුපියල් 10 000 ක මුදලකට පාරිභෝගිකයන් ට අලෙවි කරයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ නිවැරදි ප්‍රකාශය කවරක් ද?
  1. සුපිරි වෙළඳසැල විසින් එකතු කරන ලද අගය රුපියල් 10 000 ක් වේ.
  2. නිෂ්පාදන සමාගම විසින් එකතු කරන ලද අගය රුපියල් 8 000 ක් වේ.
  3. නිෂ්පාදන ක්‍රියාවලියෙහි මුළු එකතු කළ අගය රුපියල් 23 000 ක් වේ.
  4. සුපිරි වෙළඳසැල විසින් එකතු කරන ලද අගය රුපියල් 3000 ක් වේ.
  5. නිෂ්පාදන ක්‍රියාවලියෙහි මුළු එකතු කළ අගය රුපියල් 10 000 ක් වේ.

19.එක්තරා ආර්ථිකයක පරිභෝජන ශ්‍රීතය, C = 600 +0.8Y වශයෙන් දී ඇතැයි සළකන්න. මෙහි C පරිභෝජන වියදමත් Y ජාතික ආදායමත් නිරූපණය කරයි. මෙම තොරතුරු ආශ්‍රයෙන් එළැඹිය හැකි නිවැරදි නිගමනය වනුයේ කවරක් ද?
  1. සැම අාදායම් මට්ටමක දී ම ඉතුරුම් ධන අගයක් ගනී.
  2. ආදායම වැඩි වෙත් ම ආන්තික ඉතුරුම් නැමියාව පහළ බසී.
  3. ආදායම වැඩි වෙත් ම ආන්තික පරිභෝජන නැමියාව පහළ බසී.
  4. සාමාන්‍ය පරිභෝජන නැමියාව නො වෙනස් ව පවතී.
  5. ආදායම වැඩි වෙත් ම සාමාන්‍ය පරිභෝජන නැමියාව පහළ බසි.

20.ආණ්ඩුවේ ආර්ථික කටයුතු නොමැති ආවෘත ආර්ථිකයක (closed economy) , ආය‍ෝජන ගුණකයෙහි අගය 5 කි. එම ආර්ථිකයෙහි ආයෝජන මට්ටම රුපියල් මිලියන 200කින් වැඩි වුව හොත්, පරිභෝජනය කොතරම් ප්‍රමාණයකින් වැඩි වනු ඇත් ද?
  1. රුපියල් මිලියන 200
  2. රුපියල් මිලියන 400
  3. රුපියල් මිලියන 600
  4. රුපියල් මිලියන 800
  5. රුපියල් මිලියන 1 000

21.අනෙකුත් කරුණු නො වෙනස් ව පවතින විටෙක, සමභාර ඉල්ලුමෙහි වැඩි වීමක් ඇති කිරීමේ ලා පහත සඳහන් කවර කරුණක් ඉවහල් වේ ද?
  1. ආදායම මත පනවන බදු ඉහළ යාම.
  2. පොලී අනුපාතික ඉහළ යාම
  3. ඉතුරුම් ඉහළ යාම
  4. ආණ්ඩුවේ වියදම් ඉහළ යාම
  5. ආනයන ඉහළ යාම

22.“ගුණකය” යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ ආයෝජනයේ හෝ ආණ්ඩුවේ වියදමෙහි හෝ අපනයන ඉපැයීම්වල හෝ ආරම්භක වශයෙන් හට ගන්නා ඉහළ යාමක් නිසා, පහත සදහන් විචල්‍යයක සිදුවන විශාල වැඩි වීමකි. එම විචල්‍යය වනුයේ,
  1. මිල මට්ටම ය.
  2. පොලී අනුපාතිකයයි.
  3. විරැකියා මට්ටමය.
  4. ඉතුරුම් ප්‍රමාණයය.
  5. ආදායම් මට්ටමය.

23.පහත සඳහන් දෑ අතුරෙන් වාණිජ බැංකුවක වගකීමක් ලෙස සලැකෙනුයේ කවරක් ද?
  1. කාලීන හා ඉතුරුම් තැන්පතු
  2. අතැති මුදල්
  3. මහ බැංකුවේ ඇති තැන්පතු
  4. වට්ටම් කළ වාණීජ බිල්පත්
  5. බැංකු අයිරා

24.ශ්‍රී ලංකාවේ මහ බැංකුව වාණිජ බැංකු සමග ප්‍රති විකුණුම් ගිවිසුම්වලට එළැඹුනු විට,
  1. ඒක්ෂණ ණය මුදල් වෙළඳපොළෙහි පොලී අනුපාතිකය ඉහළ නගී.
  2. ඒක්ෂණ ණය මුදල් වෙළඳපොළෙහි පොලී අනුපාතිකය පහළ බසී.
  3. මුදල් සැපයුම සංකෝචනය වේ.
  4. වාණිජ බැංකු සතු ව මහ බැංකුවේ පවත්නා තැන්පතු අඩු වේ.
  5. ඒකෂණ ණය මුදල් වෙ‍ළඳපොළෙහි පොලී අනුපාතිකය කෙරෙහි බලපෑමක් ඇති නොවේ

No comments:

Post a Comment