01. විශ්ලේෂණාත්මක එන්ජිම (Analytical Engine) සොයා ගනු ලැබුවේ කවුරුන් විසින් ද? (2011 A/L, 1)
- බ්ලේස් පැස්කල් (Blaise Pascal)
- චාර්ල්ස් බැබේජ් (Charles Babbage)
- ජෝන් වොන් නියුමාන් (John Von Neumann)
- ජෝන්. වී. අටන්සොෆ්ට් (John V. Atanasoft)
- ජෝන් ප්‍රෙස්පර් එකර්ට් (John Presper Eckert)
02. දෙවන පරම්පරාවේ (Second Generation) පරිගණක වල භාවිත වන්නේ පහත සඳහන් කවර තාක්ෂණය ද? (2011 A/L, 2)
- අනුකලිත පරිපථ (Integrated Circuits (ICs))
- මහා පරිමාණ අනුකල (Large Scale Integration (LSI))
- ක්ෂුද්‍ර සකසන (Microprocessors)
- ට්‍රන්සිස්ටර (Transistors)
- රික්තක නල (Vacuum Tubes)
03. නිවසේ භාවිතය සඳහා පරිගණකයක් මිලදී ගැනීමේදී අඩුම වැදගත් කමක් ඇත්තේ පහත සඳහන් කුමන කරුනකටද?
- පරිගණක යන්ත්‍රයේ දෘඩාංග පිරිවිතර (Hardware Specifications)
- විකිනීමෙන් පසු සේවාව (Service)
- වගකීම් කාලය (Warranty Period)
- පරිගණක චැසියේ නිමාව (Casing)
- පරිගණක යන්ත්‍රයේ මෘදුකාංග පිරිවිතර (Software Specification)
04. අනුකලිත පරිපථ (IC – Integrated Circuits) වල නිමැවුම කිනම් පරම්පරාවේ පරිගණක වල ආරම්භය සනිටුහන් වේද?
- පළමුවන පරම්පරාව
- දෙවන පරම්පරාව
- තෙවන පරම්පරාව
- හතරවන පරම්පරාව
- පස්වන පරම්පරාව
05. "චාල්ස් බැබේජ්" (Charles Babbage) පරිගණකයේ පියා (The father of Computer) ලෙස සැලකීමට වඩාත්ම සුදුසු වනුයේ,
- IBM ආයතනය බිහිකිරීමට මුල් වූ නිසාය.
- පරිගණක මවුපුවරුව (Mother Board) ඔහුගේ නිමැවුමකි.
- ඔහු පරිගණකය තම දරුවකු සේ රැකබලා ගත් නිසාය.
- ඔහු විසින් නිර්මානය කරන ලද ඇනලිටිකල් එන්ජින් (Analytical Engine) යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය නූතන පරිගණකය සැකසීමේදී පාදක වූ නිසාය.
- මුල්ම පරිගණක ක්‍රමලේඛිකාව වූ ඇඩා ඔගස්ටා මහත්මියට උදව් උපකාර කළ නිසා
06. පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය (General purpose digital computer) වනුයේ,
- UNIVAC –1
- ABC
- IBM704
- ENIAC
- Intel 8080
07. පරිගණකයේ පරිනාමය සමග අඩුවනුයේ,
- සැකසුම් වේගය (Processing Speed)
- මතක ධාරිතාවය (Memory Capacity)
- ප්‍රමාණය (Size)
- නිවැරදි බව (Accuracy)
- බහු කාර්යය බව
08. උකුල් පරිගණකය (Laptop Computer) අයත් වනුයේ කවර පරිගණක වර්ගයටද,
- මධ්‍ය පරිගණකය (Mini Computer)
- මහා පරිගණකය (Mainframe Computer)
- ක්ෂුද්‍ර පරිගණකය (Micro Computer)
- සුපිරි පරිගණකය (Super Computer)
- පුද්ගලික සංඛ්‍යාංක සහකරු (Personal Digital Assistant)
09. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න,
- Analytical යන්ත්‍රය චාල්ස් බැබේජ්ගේ නිපැයුමකි.
- Analytical යන්ත්‍රය විශේෂත්වය වනුයේ එහි දත්ත ගබඩා කිරීමට ඇති හැකියාවයි.
- Analytical යන්ත්‍රය ට්‍රාන්සිස්ටර භාවිතා කර තැනූ මුල්ම පරිගණකයයි.
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,
- a පමනි
- a හා b පමනි
- b හා c පමනි
- a, b, c පමනි
- සියල්ල අසත්‍ය වේ.
10. කෘතීම බුද්ධිය (AI - Artificial Intelligence) සහිත පරිගණක වනුයේ,
- ක්ෂුද්‍ර පරිගණකයි (Micro Computers)
- මහා පරිගණකයි (Main Computers)
- මධ්‍ය පරිගණකයි (Mini Computers)
- සුපිරි පරිගණකයි (Super Computers)
- සාමාන්‍ය කාර්යය සඳහා සැකසු පරිගණක (General Purpose Computers)
11. මුල්ම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ENIAC (Electronic Numerical Intergrater and Computer) නමින් බිහිවිය. මේ සඳහා යොදා ගත් මූලික ඉලෙක්ට්‍රොනික උපාංගය වනුයේ,
- ට්‍රාන්සිස්ටරය (Transistor)
- අනුකලිත පරිපථ (Integrated Circuits)
- රික්තක නල (Vacuum Tubes)
- ක්ෂුද්‍ර පරිපථ (Micro Chips)
- විශාල පරිමාණයේ අනුකලිත (LSI)
12. ක්ෂුද්‍ර පරිපථය (Microprocessor) නූතන පරිගණක නියෝජනය කරයි. එය අයත්වන පරම්පරාව වනුයේ,
- පළමුවන
- දෙවන
- තුන්වන
- හතරවන
- පස්වන
13. පස්වන පරම්පරාවේ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ පහත සඳහන් ඒවායින් කුමක් අරමුණු කරගෙනද,
a. රොබෝ තාක්ෂණය b. කෘතීම බුද්ධිය c. සුපිරි පරිගණකය d. කුඩා පරිගණකය
- a, b, d
- b, c, d
- a, b, c
- a, c, d
- a, b, c, d
14. දෙවන පරම්පරාවේ පරිගණක වල ඇති ලක්ෂණ දෙකකි.
- පෙර යන්ත්‍ර වලට සාපේක්ෂකව අඩු විදුලි බලය භාවිතය සහ ප්‍රමාණයෙන් කුඩා වීම.
- ප්‍රමාණයෙන් විශාල වීම සහ රික්තක නල භාවිතය.
- ක්ෂුද්‍ර පරිපථ (Microprocessors) සහ අඩු විදුලි බලය භාවිතය.
- අනුකලිත පරිපථ (Integrated Circuits) සහ අඩු විදුලි බලය භාවිතය.
- ට්‍රාන්ස්සිස්ටර (Transistors) භාවිතය සහ ප්‍රමාණයෙන් කුඩා වීම.
15. ප්‍රමාණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණයේ දී අයත්වන නිවැරදි කාණ්ඩය වනුයේ,
- සංඛ්‍යාංක පරිගණකය, දෙමුහුම් පරිගණක, ප්‍රතිසම පරිගණක
- මහා පරිගණක (Mainframe), මධ්‍ය පරිගණක (Mini), ක්ෂුද්‍ර පරිගණක (Micro), සුපිරි පරිගණක (Super)
- රික්තක නල පරිගණක, ට්‍රාන්සිස්ටර හා අනුකලිත පරිපථ පරිගණක
- උකුල් පරිගණක (Laptop Computers), සුපිරි හා සේවා දායක පරිගණක
- ක්ෂුද්‍ර පරිගණක (Micro), සුපිරි පරිගණක (Super), සාමන්‍ය කටයුතු සඳහා පරිගණක, විශේෂිත කාර්යය සඳහා වු පරිගණක
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment