මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ තවත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන වැඩක්. අපි හැමෝම ෆේස්බුක් බාවිතා කරනවා නෙ. අපේ යාලුවො එක එක උත්සව වලට ගියාම එහෙම නැත්තම් විනෝද චාරිකා ගියාම එහෙමත් නැත්තම් හදිස්සි අනතුරක් දැක්කම තමන්ගෙ අතේ තියෙන ෆෝන් එකෙන් නැත්තම් බෙල්ලෙ එල්ලගෙන ඉන්න කැමරාවෙන් සිය ගනන් ෆොටෝ අරන් ෆේස්බුක් වලට අප්ලෝඩ් කරනවා තම තමන්ගෙ යාලුවොන්ට බලන්න. හදිස්සි අනතුරක් වගේ එකක් වෙනවා දැක්කම මුලින්ම කරන්නෙ පටස් ගාලා තමන්ගෙ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන එක. ඊට පස්සෙ තමයි අනතුර වෙච්ච පුද්ගලයට හෙල්ප් කරන්න පුලුවන්ද කියලා හොයන්නෙ...:P සමහරු නම් මොන උදව්වක් වත් කරන්නෙ නෑ. එක්කො ෆොටෝ ගහනවා නැත්තම් විඩියෝ කරනවා...:Dඉතින් මේ විදියට ඔයාලගෙ යාලුවො එක ෆේස්බුක් ඇල්බම් එකකට ෆොටෝ සීයක් දෙසීයක් අප්ලෝඩ් කරාම දකින ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කර ගැනිමේ අවශ්‍යතා ඇති වෙන්න පුලුවන්. ෆේස්බුක් ඇල්බම් එකක තියෙන ෆොටෝ සීයක් විතර එකින් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම එපා වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි නේ. මම අද කියලා දෙන්නෙ කොහොමද මේ ෆේස්බුක් ඇල්බම් එකක තියෙන ෆොටෝ සියල්ලම තත්පර ගානක් ඇතුලත ඔබේ පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා. ලොකු දෙයක් නෑ බොහොම සරලයි. පහලින් පියවරෙන් පියවර දාන්නම්.01. පියවර : මේක වැඩ කරන්නෙ Google Chrome වෙබ් බ්‍රවුසර් එකට විතරයි. ඒක නිසා ඔයා Chrome තාම දාගෙන නැත්තම් මෙතනින් ගිහින් Google Chrome ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. http://goo.gl/pfCQeU02. පියවර : අපි මේක කරන්නෙ Google Chrome Extension බාවිතා කරලා. මෙතනින් ගිහින් Album Downloader for Facebook කියන Extension එක Chrome වලට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.


No comments:
Post a Comment