Showing posts with label ව්‍යාපාර අධ්‍යයනය. Show all posts
Showing posts with label ව්‍යාපාර අධ්‍යයනය. Show all posts

Thursday, June 22, 2017

ව්‍යවසායකත්වය



                           ව්‍යවසායකත්වය
ව්‍යවසායකවයේ අවශ්‍යතාව හා වැදගත්කම 
1.දැඩි තරගකාරිත්වයට සාර්තකව මුහුන දීමට 
2.වේගවත් පරිසර වෙනස් වේම් වලට සාර්තකව මුහුණ දීමට
3.උපරිම සම්පත් බාවිතය සඳහා
ජීවන තත්වය උසස් කිරිමට 

ව්‍යවසායකත්ව ප්‍රතිලාභ
1.ව්‍යවසායකයට :-
        *ආදායම් උත්පාදනයට 
        *ආත්ම තෘප්තියට 
        *ඉහල සමාජ පිලිගෙනිම 
        *තම ව්‍යපාරයෙ ප්‍රදානිය තමාම වීමෙ අවස්තාව
2.පාරිබෝගිකයාට:-
        *නව බාන්ඩ හා සේවා
        *ඉහල ජීවන තත්වය
        *නිශ්පාදන වල ගුනත්වය
        *තරගක්කරිත්වය 
3.සමාජ ආර්තික :-
        *නව වෙලදපොල සන්වර්දනය 
        *තිරසාර ආර්තික සන්වර්දනය
        *ප්‍රාදේශිය සන්වර්දනය
ව්‍යවසායකත්වයේ ප්‍රවනතා
     *කාන්තා ව්‍යවසායකත්වය
     *සමාජීය ව්‍යවසායකත්වය
     *බහු ව්‍යවසායකත්වය
     *අබ්‍යන්තර ව්‍යවසායකත්වය
ව්‍යවසායකයා අර්ත දැක්වීම 
නව සොයගෙනිම් තුලින් මිනිස් අවශ්‍යතා හා උවමනා තුප්ප්‍රිමත් කිරිම සදහා නව්‍යතා නිපදවන්නා ව්‍යවසායකයා නම් වේ 
*සෑම කලමනකරුවෙකුම ව්‍යවසායකයෙකු නොවුවද ව්‍යවසායකයෙකයා සෙම විටම හොද කලමනකරුවෙකු වේ.

*ව්‍යවසායකයා ව්‍යාපාරයේ අබ්‍යන්තරය ලෝකය පමනක් ඔව බාහිර ලෝකයද දකින කෙනෙකි.ඔහුට නිශ්චිත රාමුවක් නැත.
ඔහුට පුලුල් අවකාශයක් ඇත.ඔහුට ව්‍යාපාරයේ අබ්‍යන්තරයේ ඇති ශක්තීන් හා දුර්වලතා මෙන්ම බාහිරව ඇති අවස්තා තර්ජන පිලිබඳව අවබෝදයක් ඇත.

ව්‍යවසායකයෙකුගේ ප්‍රධාන කාර්යන්
1. නව්‍යතා සම්පාදනය
2. වෙලදපොල අවස්තා හදුනා ගැනීම
3.භූමිය,ශ්‍රමය,ප්‍රග්දනය, යන නිශ්පාදන සම්පත් සන්චල කරමින් නිශ්පාඩනය සoවිදානය කිරිම 
4.අවදානම් කලමනාකරනය / අවදානම් දැරීම 
5.ව්‍යාපාරික ප්‍රතිපත්ති පිලිබද මූලික තීරණ ගැනීම

ව්‍යවසායකයෙකුගේ පුද්ගල ගති ලක්ශ්න 
*දැඩි උද්යෝගය
*ආත්ම විශ්වාසය 
*අවබෝදය
*සුබවාදී බව
*අවස්තා සොයා යැම / අවස්තා හදුනා ගැනීම 
*නම්‍යශීලි බව 
*අබිප්‍රේප්‍රන බව 
*දැක්මක් සහිත බව

ව්‍යවසායකත්ව කුසලතා 
* විශ්ලේශනය
*සන්නිවේදනය 
*ගනනය 
*උපදෙස් දීම

ව්‍යවසායකයන් බිහි වීමට පසු බිම් වන සාදක 
* ස්වයන් නිර්මාන කෙරෙහි යොමු වීම
* පවුල් පසුබිම
*උචිත සමාජ හා ආර්තික පසුබිම 
*අත්දෙකීම්

ව්‍යවසායකත්ව නිපුනතා වර්දනය කර්ගෙනීමෙ මාර්ග 
*ස්වයන් ඇගයිම 
ව්‍යවසායකත්ව නිපුනතා හදුනගෙන එම නිපුනතා තමා තුල පවතීද නෙතිද යන්න ඇගයිම මගින් 
*පුහුනුව 
ව්‍යවසායකත්ව නිපුනතා වර්දනය කරගෙනිමේ පුහුනු වෙඩසටහන් මගින් 
*අධ්‍යාපනය
ව්‍යවසායකත්ව පිලිබදව ලබන අද්‍යාපනය තුලින් 
*පලපුරුද්ද
ව්‍යවසායකත්ව ක්‍රියාවලිය

අවස්තා උදා කර ගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීම සදහා සන්විදාන නිර්මානය කිරිමේ දේ සම්බන්ද වන සියලු ක්‍රියාකාරකම් මීට ඇතුලත් වේ
ව්‍යවසායකත්ව ක්‍රියාවලියට බලපාන සාදක
පුද්ගල සාදක               පරිසර සාදක                    සමාජ විද්‍යාත්මක සාදක 
*පලපුරුද්ද               *අවස්තා                            *ආදර්ශ චරිත 
*වයස                    *සම්පත්                             * දෙමව්පිaය අදර්ශ 
*නායකත්වය             * තරගය                            *පවුල
*අබියෝග               *මුල් අදියරේ                       *ජාල සම්බන්දතා 
ලගා කර                    සේවා 
ගෙනීමේ ආශාව

ව්‍යවසායකත්වය සාර්තක වීමට අව්ශ්‍යයෙන්ම තිබිය යුතු සාදක 
* තමා පිලිබද් අවබෝදය 
*ලගා කරගත හැකි අදහස් පවතීම 
*ව්‍යාපාර අවස්තා පවතීම් 
*සම්පත් පැවතිම 
*මනා කලමනාකරනයක් පැවතිම 
සැලසුම් කිරීම 
සන්විදානය 
මෙහෙයවීම
පාලනය

සාර්තක ව්‍යාපාරයක් සදහා අවශ්‍ය සාදක 
තමා self
අදහස් ideas
අවස්තා opportunities
සම්පත්resources
මෙහෙයවීමoperation
මූල්‍යfinace
කලමනාකරනයmanagement
ව්‍යාපාර අදහස් හා ව්‍යාපාර අවස්තා 
වෙලද්පොලේ පවත්නා ගැටලුවකට/අවශ්‍යතාවකට විසඩුමක් ලෙස ඉදිරිපත් කල හැකි ව්‍යවසායකයෙකු තුල අති වන සන්කල්පනාව හෝ සිතුවිල්ල අදහසක් අම් වේ 
ප්‍රායෝගික ව්‍යාපාර අදහසක් අවස්තාවක් වේ
ගැටලුව --------->අවතාව ----------->අදහස 
හෝ 
ගැටලුව --------->අදහස ------------> අවස්තාව
ව්‍යාපාර අවස්තාක් ඇගයිමෙදි සලකා බලන සාදක
අවදානම
ප්‍රතිලාබ
ශක්තීන් හා දුර්වලතා 
වෙලදපොල 
සම්පත් සුලබතාව
නිත්‍යානුකූල බව 
කලමනාකරන හැකියාව
ව්‍යවසායකයා සතු හැකියාව

ව්‍යවසායකත්වයේ සශ්‍රීකත්වයට අවශ්‍ය වන උපකාරක තත්වයන්
මූල්‍ය පහසුකම් 
තාක්ශනික පහසුකම්
යටිතල පහසුකම්
අලෙවි පහසුකම්
උපදේශන හා නෛතික පහසුකම්
ව්‍යවසායකත්ව සන්වර්දනයට ඇති බාදා 
*වෙලදපල පිලිබද අවබෝදයක් නැති වීම

කළමනාකරණය 01



කළමණාකරණය යනු යම් සංවිධානයක අරමුණු සහ පරමාර්ථ කාර්යකෂම හා සඵලදායීව ඉටුකරගැනීම සදහා එම සංවිධානය සතුව පවතින භෞතික හා මානව සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය, අභිප්‍රේරණය, සන්නිවේදනය හා පාලනය කිරීමේ ක්‍රියාවලියයි. 
ඉහත නිර්වචනයට අනුව කළමණාකරණයේ ප්‍ර‍ාන මූලිකාංග හයක් හදුනාගත හැකිය. ඒවා නම්,
  1. සැලසුම් කිරීම
  2. සංවිධානය කිරීම
  3. නායකත්වය 
  4. අභිප්‍රේරණය
  5. සන්නිවේදනය
  6. පාලනය
                                                                                                                                      වේ.
දැන් අපි ඉහත දැක්වූ කළමණාකරණයේ මූලිකාංග පිළිබදව විමසා බලමු.
1. සැලසුම් කිරීම /  සැලසුම්කරණය
              සැලසුම්කරණය යන්නෙන් අදහස් වන්නේ යම් සංවිධානයක් විසින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු සහ පරමාර්ථ මොනවාද යන්න තීරණය කිරී‍මේත් එම අරමුණු හා පරමාර්ථ කෙසේ ඉටුකරගන්නේද යන්න තීරණය කිරීමේත් ක්‍රියාවලිය යි. 
සැලසුම් කිරීමේ ක්‍රියාවලියේදී ආයතනයක් විසින් තම අරමුණු හා පරමාර්ථයන්ද ඒවා ඉටුකර ගැනීමට අදාළ උපායමාර්ගයන් ද ඇතුළත් කොට ලිඛිත සැලැස්මක් සකස් කරනු ලබයි. මෙසේ සකස් කරනු ලබන සැලසුමක් ඵලදායී එකක් වීමට නම් එය පහත සදහන් ගුණාංගවලින් සමන්විත විය යුතු වේ. එසේ නොවන සැලසුම් ඵලදායී නොවන ඒවා වේ. 
හොද සැලසුමක ගුණාංග
       ♦ අදාළ සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි එකක් විය යුතුයි.
       ♦ නම්‍යශීලී විය යුතුය. එනම් සැලැස්ම ව්‍යාපාරයේ වෙනස්වන තත්ත්වයන්ට අනුව වෙනස් කරගැනීමේ හැකියාවක් පැවතිය යුතුයි.
       ♦ සංවිධානයේ අරමුණු හා පරමාර්ථවලට ළගාවීමේ හැකියාවක් පැවතිය යුතුයි.
       ♦ අදාළ සැලැස්ම කාර්යකෂම  විය යුතුයි.
       ♦ සැලැස්මට අදාළ සෑම පාර්ශවයකට ම අදාළ සැලැස්ම තේරුම්ගැනීමේ හැකියාවක් පැවතිය යුතුයි.
       ♦ සැලැස්ම සකස් කිරීම සදහා දරන ලද පිරිවැයට වඩා වැඩි ප්‍ර‍තිඵලයක් ලැබිය යුතුයි.
සැලසුම්කරණයේ වාසි 
      ♣ සංවිධානයේ කාර්යයන් පහසුවෙන් ඉටුකරගැනීම සදහා මගපෙන්වීමක් ලබාදීම
      ♣ ආයතනයේ විවිධ අංශවල උපායමාර්ගයන් අතර එකගතාවක් ඇතිකිරීමට දායක වීම
      ♣ සංවිධානයේ විවිධ දෙපාර්තමේන්තු අතර සම්පත් බෙදාහැරීම සදහා මගපෙන්වීමක් ලබාදීම
      ♣ සංවිධානයේ පැවැත්ම සම්බන්ධව ආරකෂාකාරී පියවරක් වීම. 
සැලසුම්කරණයේ අවාසි
     ♣ පුලුල් සහභාගිත්වය නොමැතිවීමෙන් වන අවාසි
     ♣ අනම්‍ය වීම තුළින් වන අවාසි
     ♣ කාලය සහ පිරිවැය අපතේ යා හැකි වීම
සැලැස්මක් සකස් කිරීමේ දී පියවරයන් කිහිපයක් අනුගමනය කිරීමට සිදුවේ. ඒවා පහත පරිදි දැක්විය හැකිය.
     1. සංවිධානයට ඇති අවස්ථා සහ සහ ගැටලු හදුනාගැනීම
           සංවිධානයට අදාළ අභ්‍යන්තර හා බාහිර සාධක පිළිබදව අධ්‍යයනය කර ඒවායේ හිතකර අහිතකර ප්‍ර‍තිඵල පිළිබදව අධයයනය කිරීමක් කළ යුතු වීම.
     2. අරමුණු පිහිටුවීම
           ආයතනය විසින් අනාගතයේදී ඉටුකරගැනීමට බලාපොරොත්තු වන දෑ අරමුණු නම් වේ. සැලසුම්කරණයේදී අදාළ අරමුණු ඉටුකරගන්නා කාලසීමාව පිළිබදව ද අවධානය යොමු කළ යුතුය
     3. සැලසුම් පරිශ්‍ර‍ය ගොඩනැගීම
           විවිධ මූලාශ්‍ර‍යන්ගෙන් සපයාගත් තොරතුරු පදනම්ව සංවිධානයේ ක්‍රියාකාරකම් පුරෝකථනය කිරීමක් කළ යුතුය. 
     4. විකල්ප සැලසුම් සකස් කිරීම
           නිශ්චය කරගත් අරමුණු ඉටුකර ගත හැකි මාර්ගයන් ගණනාවක් පැවතිය හැක. එම එක් එක් මාර්ගවල වාසි අවාසි පිළිබදව අධ්‍යයනය කිරීමක් මෙහිදී සිදුවේ. 
     5. යෝග්‍යතම සැලැස්ම තෝරාගැනීම
          ඉහත පියවරේදී කළ අධ්‍යයනයන් අනුව වැඩිම වාසියක් හා අඩුම අවාසියක් ඇති සැලසුම තෝරාගැනීම
     6. ආධාරක සැලසුම් පිළියෙළ කිරීම
          මූලික සැලැස්ම තෝරාගත් පසු එය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය අනෙකුත් සැලසුම් පිළියෙළ කිරීමයි. උදා - යන්ත්‍රෝපකරණ මිලට ගැනීම, සේවකයන් බදවාගැනීම ආදී ....
     7. අයවැය ලේඛන සැකසීම
          සැලසුම ක්‍රියාත්මක කිරීමේදී අදාළ වන දත්තයන් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම
     8. සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ප්‍ර‍තිඵල මැනීම
          පිළියෙළ කරගත් සැලැස්ම අපේකෂිත ප්‍ර‍තිඵල ලැබෙන අයුරින් ක්‍රියාත්මක කිරීම

එස් 5 පද්ධතිය

සේවා ස්ථානය සංවිධානය සහ ප්‍රමිතිකරණය සඳහා මෙවලම්
LE203 එස් 5 පද්ධතිය: සේවා ස්ථානය සංවිධානය සහ ප්‍රමිතිකරණය

ඇරඹුම
එස් 5 සඳහා සුදානම

මධ්‍ය ක්‍රියාත්මක කෙරුම් කණ්ඩායමක් පිහිටුවීම
මෙම කණ්ඩායම එස් 5 ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රමුඛත්වය දරන අතර, දැනුම හා අවබෝධය උදෙසා ප්‍රදේශ කම්කරුවන් ද, ප්‍රාණවත් ඇසක් උදෙසා පිටස්තර කම්කරුවන් ද, කඩිනම් තීරණ සඳහා දෙපාර්තමේන්තු කළමනාකරුවෙකු ද, සහ මඟ පෙන්වීම සඳහා පහසුකම් සපයන්නෙකු ද ඇතුළත් විය යුතුය.

කණ්ඩායම් ප්‍රඥප්තිය භාවිතා කරමින් ව්‍යාපෘතියක් හඳුනාගැනීම
ඉලක්ක ප්‍රදේශයන් හි භූගෝලීය සීමාවන් හා එහි කටයුතු අර්ථ කථනය කරන්න.

සේවා ස්ථාන පිරික්සුමක් සිදු කිරීම
  • ප්‍රදේශයේ සීමා මායිම් ලකුණු කරන්න.
  • ප්‍රදේශ සිතියමක් සහ ඊතල රූප සටහනක් අඳින්න.
  • “පෙර” ඡායාරූප ගන්න.
  • ඔබේ වත්මන් තත්ත්වය තක්සේරු කිරීම සහ පාලන ලක්ෂ්‍යයන් මැනීම සඳහා සේවා ස්ථාන පිරික්සුම් ලැයිස්තුව භාවිතා කරන්න.

සේවා ස්ථාන පිරික්සුම් ප්‍රදර්ශනයක් නිර්මාණය
ප්‍රගතිය පෙන්වීම උදෙසා, “පෙර ඡායාරූප” හා පිරික්සුම් ප්‍රතිඵල මෙන්ම, “පසු” ඡායාරූප ද ප්‍රදර්ශනයට ඇතුළත් වේ. කාර්ය ප්‍රදේශයේ පළ කරන ලද ප්‍රදර්ශනය, මැදිහත්වීම හා අවබෝධය අනුබල ගන්වයි. මතක තබා ගන්න: ඔබ කටයුත්ත සිදු වන ස්ථානයට යා යුතුය! සම්මේලන කුටියක සිට එස් 5 ක්‍රියාත්මක කළ නොහැකිය; ඔබ එම වැඩබිමට යා යුතු වේ.

  1.  සංවිධිත බව (SORT)
සංවිධානය සහ කරුණු විමසීම

සංවිධිත ක්‍රියාවලිය
  1. ප්‍රදේශයේ ඇති අයිතම අතුරින් සුසංහරණය.
  2. අවශ්‍ය දේ තබාගැනීම.
  3. අනවශ්‍ය දේ ඉවත් කිරීම..
  4. දී ඇති ඕනෑම අවස්ථාවක, අවශ්‍ය ප්‍රමාණය වෙනුවෙන් අයිතම සංඛ්‍යාව අඩු කිරීම.

සංවිධිත පිරික්සුම් ලැයිස්තුව
  • රතු සලකුණ සඳහා නිර්ණායකය ලෙස අයිතම පැවරුම් ලැයිස්තුව සමාලෝචනය කර භාවිතා කිරීම.
  • රතු සලකුණ ඇතුළුව, අවශ්‍ය සැපයුම්එක් රැස් කිරීම.
  • රතු සලකුණු ග්‍රාහක ප්‍රදේශයක් සකස් කිරීම, පිහිටීම සලකුණු කිරීම, රතු සලකුණු ග්‍රාහක ප්‍රදේශ කළමනාකරුවෙකු හඳුනාගැනීම, අයිතම පැවරුම සඳහා ප්‍රමිතීන් සහ නීති රීති ලියා පළකිරීම.
  • අනවශ්‍ය අයිතම ප්‍රදේශය විරේචනය කිරීම සඳහා මූලික සංවිධිත සැලැස්මක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම.
  • ප්‍රදේශයෙන් ඉවත් කරන ලද සියලු අයිතමයන් ලැයිස්තුගත කරමින් ලඝු-සටහන් පත්‍රයක් පිරවීම.
  • අනෙක් එස් 5 පද්ධති පියවර ක්‍රියාත්මක කළ ලෙසින්ම, රතු සලකුණු කිරීම් තුළින් සංවිධානය කිරීම පවත්වාගෙන යාම.


  1. සුපිළිවෙළ (SET IN ORDER)
සුපිළිවෙළකරණය සහ සීමාවන් පැනවීම

සුපිළිවෙළකරණ ක්‍රියාවලිය
  1. සේවා ස්ථාන පිරික්සුම් ප්‍රදර්ශන ලැයිස්තුව යාවත්කාලීන කිරීම මගින් වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කිරීම.
  2. ඉලක්කගත සුවිශේෂී ගැටළු.
  3. දේවල් අයත් ස්ථාන නිර්ණය කිරීම.
  4. කොතැනක කෙසේ,දේවල් අයත් වේ ද යන්න දෘශ්‍යමය වශයෙන් පැහැදිලි කරගැනීම.

සුපිළිවෙළකරණ පිරික්සුම් ලැයිස්තුව
  • ස්ථානගත අයිතමයන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ නිර්ණායකය තීරණය කරන්න. ප්‍රතිස්ථාපනය පිළිබඳව සම්බන්ධ කරගත යුත්තේ කාවද, කවුරුන් විසින් සැබවින්ම ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරයිද, ප්‍රතිස්ථාපනය සඳහා කුමන ප්‍රතිපත්ති සහ ක්‍රියා පිළිවෙත් බලපායිද, සහ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා හොඳම වේලාව කුමක්ද?
  • අවශ්‍ය සැපයුම් (බඳුන්, ලේබල්, ටැග්, වර්ණපටි, ආදිය) හඳුනාගැනීම සහ රැස් කිරීම.
  • විශාල අයිතම හඳුනාගැනීම සහ ප්‍රතිස්ථාපනය කිරීම. විශාල අයිතම සඳහා හොඳම ස්ථානය සොයා ගැනීමට ප්‍රදේශ සිතියම සහ ඊතල රූප සටහන භාවිතා කරන්න; අයිතම වල පිහිටීම වෙනස් කරන්න; පිහිටීම වෙනස් කර ඇති අයිතම සඳහා පිහිටුම් දර්ශක හඳුනාගැනීම සහ ක්‍රියාත්මක කිරීම.
  • කුඩා අයිතම හඳුනාගැනීම සහ ප්‍රතිස්ථාපනය කිරීම. හොඳම ස්ථානය නිර්ණය කිරීම, පිහිටීම වෙනස් කිරීම, සහ පිහිටුම් දර්ශක හඳුනාගැනීම සහ ක්‍රියාත්මක කිරීම.


  1. සුපිරිසිදුකම (SHINE)
පිරිසිදුකරණය හරහා සුපිරිසිදුකම සහ පිරික්සීම

සුපිරිසිදුකරණ ක්‍රියාවලිය
  1. සෑම දෙයක්ම ස්ථානගත දැයි පරික්ෂා කර බැලීම.
  2. ඔබට යම් දෙයක් ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය දැයි පරික්ෂා කිරීම.
  3. අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා විශේෂිත උපකරණ ඉලක්කයන් පරීක්ෂා කිරීම.
  4. සියල්ල පරීක්ෂා කරන්න; අධිකව පිරිසිදුකිරීම, අලුත්වැඩියා කිරීම,හෝ ප්‍රතිස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ දැයි පරීක්ෂා කිරීම.
  5. සෑම මාරුවක්ම පිරිසිදුකරණය හරහා සුපිරිසිදුකම සහ පිරික්සීම.

සුපිරිසිදුකරණ පිරික්සුම් ලැයිස්තුව
  • ක්‍රමානුකූලව ඉලක්ක හා පැවරුම් නිර්ණය කිරීම.
  • සියළුම කම්කරුවන් ඔවුන්ගේ පැවරුම් දන්නා බවට වග බලාගැනීම.
  • සුදුසු පිරිසිදු ක්‍රම තීරණය කිරීම.
  • නිවැරදි මෙවලම් හා සැපයුම් ලබාගැනීම.
  • මූලික පිරිසිදු සැලැස්ම භාවිතා කරමින් ඉලක්ක වල මූලික පිරිසිදුකරණයන් සිදු කිරීම.
  • වයර්, නල, ටියුබ්, ආදිය ප්‍රතිස්ථාපනය කිරීම.


  1. සම්මිතිය (STANDARDIZE)
තොරතුරු සම්මුතිය සහ බෙදුම්කරණය

සම්මිතිකරණ ක්‍රියාවලිය
  1. සම්මිතිය සඳහා තත්ත්වයක් හඳුනාගැනීම සහ වර්ගීකරණය.
  2. අධික චින්ත සන්තාප සහගත පාලන අදහස්.
  3. පාලන අදහස් තේරීම, පරීක්ෂණය, සහ අනුගමනය.
  4. තත්ත්වය නඩත්තු කිරීම සඳහා වගකීම් පැවරීම.
  5. මෙම තත්ත්වයන් පවත්වා ගෙනයාම සහ අධීක්ෂණය.

සම්මිතිකරණ පිරික්සුම් ලැයිස්තුව
  • සම්මිතිකරණ සටහන සකස් කිරීම.
  • සම්මිතිකරණ ගැටළු හඳුනාගැනීම.
  • සංවිධිත බව, සුපිළිවෙළ, සහ සුපිරිසිදුකම සඳහා අපේක්ෂිත තත්ත්වයන් හඳුනාගැනීම සහ අත්කරගැනීම.
  • සියළු සම්මිතීන් පැහැදිලි සහ අන්වර්ථ කරගැනීම
  • සියළු සම්මිතීන් අධීක්ෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම.
  • තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා සංවිධිත බව, සුපිළිවෙළ, සහ සුපිරිසිදුකම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.


  1. ශික්ෂණය (SUSTAIN)
සංවිධානාත්මක සේවා ස්ථානයක් තිරසාර කිරීම

ශික්ෂණ ක්‍රියාවලිය
  1. සේවා ස්ථානය සුසම්පාදිත සහ ගිවිසී සම්මිතීන් මගින් පවත්වාගෙන යෑම තබාගැනීම සඳහා නීති රීති වලට පක්ෂව සිටින්න.
  2. සියළු කම්කරුවන්,පටිපාටි සඳහා පුහුණුකර ඇති බව තහවුරු කිරීම.
  3. එස් 5 සංකල්ප හා කුසලතා පුහුණුව, එස් 5 සන්නිවේදන මණ්ඩල, ඡායාරූප ප්‍රදර්ශන, ඒක-ලක්ෂ්‍ය පාඩම්, අධ්‍යයනය කණ්ඩායම්, සහ දිනපතා සහ සතිපතා එස් 5 ක්‍රියාකාරකම් හරහා, සහභාගීත්වය දැනුම් දීම සහ දිරිගැන්වීම.

ශික්ෂණ පිරික්සුම් ලැයිස්තුව
  • තිරසාරත්වය සඳහා සැලසුමක් සාදාගැනීම.
  • සැලැස්ම සඳහා ඔබට කළමනාකරණ සහයෝගය තිබෙන බව තහවුරු කරගැනීම.
  • එස් 5 සම්මිතීන් හා ඒවායේ අරමුණු ගැන ප්‍රදේශයේ සියළු දෙනා දැනුවත් කිරීම.
  • ප්‍රදේශයේ සෑම කෙනෙකුටම එස් 5 පද්ධතිය පිළිබඳ මූලික අවබෝධයක් ඇති බව සහතික කිරීම සඳහා, එස් 5 සන්නිවේදන මණ්ඩලයක් හා අනෙකුත් සන්නිවේදන උපකරණ සැදීම සහ නඩත්තු කිරීම.
  • විනාඩි 5ක් එස් 5 තුළින්, එස් 5 ක්‍රියාකාරකම්, දෛනික වැඩ කටයුතු වල කොටසක් කරගැනීම.
  • සම්මිතීන් පැහැදිලි කරගැනීම සඳහා, සම්මිතීන් සහ දෘශ්‍ය ක්‍රමයන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම.
සමස්ත සේවක සහභාගිත්වය (TEI) පවත්වාගෙන යාම.

කළමනාකරණයෙහි එම් වර්ග පහ



මිනිස්බලය (MANPOWER)

නිවැරදි තනතුර සඳහා නිවැරදි සේවක පිරිස යනු සංවිධානාත්මක සඑලතාවය සහ කාර්යක්ෂමතාව සඳහා ඇති ස්ථිර අවස්ථා තැන්පතුවක් වේ.
කළමනාකරණයෙහි මිනිසා, මානව සම්පතක් ලෙස ආදේශ කෙරේ.
සංවිධානයන්හි ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, ද්‍රව්‍ය, යන්ත්‍ර, මුදල් සහ විධික්‍රමයන් ඵලදායී වන අන්දමින් භාවිතයට ගනු ලබන බව, ජනතාව විසින් වග බලා ගනී.

ද්‍රව්‍යය (MATERIAL)

ද්‍රව්‍ය යනු, සේවා කර්මාන්තයක් වන, නිවාස නඩත්තු කළමනාකරණයෙහි මූලික අංගයකි. බොහෝ කර්මාන්තයන්, ද්‍රව්‍ය ලබාගැනීමට හැකි ප්‍රදේශයන් අවට පිහිටුවයි. ද්‍රව්‍ය වලින් තොර වීමෙන්, මානව සම්පත් සමතිරික්ත වේ.
මේ අනුව, ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සඳහා ‘මිනිසා’ ප්‍රයෝජනවත් විය හැකි වීමට ප්‍රථමයෙන්, ඕනෑම ව්‍යාපාරයකට හෝ සේවාවක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් ස්ථානගත විය යුතු බව, සෑම නිවැරදි චින්තනයන් හා නිවැරදි සැලසුම් වලින් අනුයුක්ත සංවිධාන විසින් දැන සිටී. සැපයුම් දාම දෙපාර්තමේන්තු මෙම චින්තනයන්ගෙන් වර්ධනය වූ අතරම, ව්‍යාපාර කළමනාකරණයෙහි ඉතා ප්‍රයෝජනවත් හා ඵලදායී අංගයක් ද වී ඇත.

ප්‍රතිලාභ

ද්‍රව්‍යය වියදම පහත හෙලිය හැකිය
වක්‍ර වියදම් පාලනය කිරීම
නිෂ්පාදන චක්‍රයේ පාලනය
නිෂ්පාදිතය භාරදීමේ ක්‍රියාවලියෙහි දියුණුව

වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දී

රෝහලක දී, ද්‍රව්‍යය කළමනාකරණය සුවිශේෂී කාර්යයක් බවට පත්ව ඇත. රෝහලේ ප්‍රමාණය මත පදනම්ව, එය කළමනාකරුගේ සැලකිල්ල යටතේ විය හැකි, විසංයුක්ත දෙපාර්තමේන්තුවක් හෝ කුඩා පිහිටීමක් විය හැකිය. රෝහලක ඇති ද්‍රව්‍යයන්, පරිභෝජ්‍ය, ලිපි ද්‍රව්‍ය, සහ ඖෂධීයන් හා ප්‍රකාශ භාණ්ඩවලට අමතරව වූ උපකරණයන්ගෙන් ද පෙළ ගැසේ.
ද්‍රව්‍යය කළමනාකරණය යනු ඕනෑම සංවිධානයක අත්‍යවශ්‍ය කොටසකි. විශේෂයෙන්ම රෝහලක, ද්‍රව්‍යය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්, එහි සුමට හා කාර්යක්ෂම කාර්යය කෙරෙහි ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. එනම්, සැලසුම් කිරීම, මිලදී ගැනීම, ගබඩා සහ තොග පාලනය, ආරක්ෂාව සහ සුරක්ෂණය, ද්‍රව්‍ය නිකුතුව, ගිණුම් තැබීම සහ සුන්බුන් බැහැර කිරීම වැනි ද්‍රව්‍ය කළමනාකරණයයි. එය පරිශීලක දෙපාර්තමේන්තුවේ එදිනෙදා කටයුතු සමඟ සෘජු ලෙස සම්බන්ධව පවතී.

ගබඩා විසින් සිදු කරන වැදගත්ම කාරණය වනුයේ, විවිධ පරිශීලක දෙපාර්තමේන්තු වෙත අඛණ්ඩ සේවාවක් සැපයීමයි. රෝහලක් ගත් කළ, “ශල්‍යාගාරය, වාට්ටු, විශේෂඥ සායන, ඒකක, වර්තන දෙපාර්තමේන්තු, ලියාපදිංචි කිරීම, ඇතුළත් කිරීමේ දෙපාර්තමේන්තු” යන පරිශීලක දෙපාර්තමේන්තු කිව හැකිය. දෙපාර්තමේන්තුවක සාර්ථක හා කාර්යක්ෂම කටයුතු, ප්‍රධාන වශයෙන් ඔවුනට ගබඩා දෙපාර්තමේන්තුව විසින්, ද්‍රව්‍ය හොඳින් සපයනු ලබන ආකාරය මත රඳා පවතී. ද්‍රව්‍යවලට මුදල් වටිනාකමක් ඇති හෙයින්, තවදුරටත්, ගබඩාවන් බොහෝ විට මුදල් සමඟ සෘජුව සම වේ.

යන්ත්‍රෝපකරණ (MACHINERY)

යන්ත්‍ර යනු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හෝ සේවා උත්පාදනය කිරීමට ඇති මූලික උපාංග වේ.
සුදුසු යන්ත්‍රයක් තෝරා ගැනීම මගින්, කාර්යක්ෂමතාව වැඩිවනවා පමණක් නොව, එහෙත් කාලය ඉතිරි කරමින් අදායම ද වැඩි කරයි.
යන්ත්‍ර විසින් මිනිසාගේ පැවැත්ම, වඩාත් ප්‍රයෝජන සහිත කරවන දේවල් නිර්මාණය කිරීමේ විවිධාකාර වූ සිහිනයන්, නිරුතසාහී ව සැබෑ කර තිබේ.

උදා: විද්‍යාගාරයක් තුළ මෙවලම් හා උපකරණ

අන්වීක්ෂය:
බැක්ටීරියා ආදී කුඩා වස්තූන්වල විශාලිත ප්‍රතිබිම්බයක් නිපදවීම සඳහා අන්වික්ෂයන් භාවිතා වේ.

කේන්ද්‍රාපසාරකය:
දර්ශීය වශයෙන්, එකිනෙකට වෙනස් ඝනත්වයන්ගෙන් යුතු තරල (උදා: රුධිරය මගින් ප්ලාස්මය} හෝ ඝන ද්‍රව්‍යයන් මගින් ද්‍රව වෙන් කරගැනීම සඳහා, එහි අන්තර්ගතයට කේන්ද්රාපසාරී බලය යොදන, වේගයෙන් භ්‍රමණය වන බඳුනක් සහිත යන්ත්‍රයකි.

ක්‍රමවේද (METHOD)

නියාමන සහ පාලන ක්‍රමය

කළමනාකරණයේ අණ හා පාලන ආකෘතිය, හමුදාමය කළමනාකරණය මත පදනම් වේ.
මූලික වශයෙන්, අදහස වනුයේ, මිනිසුන් විසින් ඔවුනට කරන්න කියන හෝ විධානය කරන දෙය කිරීමයි.
උදාහරණයක් වශයෙන්, වෛද්‍ය ක්ෂේත්‍රය තුළ කළමනාකරණය අධීක්ෂණය කරනු ලබන්නේ: පරිචය කළමනාකරු, නියෝජ්‍ය කළමනාකරු හා සහසේවකයන්ගේ ප‍්‍රතිග‍්‍රහණ කළමනාකරු යනාදී කළමනාකරුවන් කිහිපදෙනෙකු විසිනි.

නියාමන සහ පාලන ක්‍රමයේ අවාසි

පළමුව, කිසිවෙකු ඇත්ත වශයෙන්ම නියාමනය හා පාලනයට යටත් වීමට අකමැතිය.
හුදෙක් ප්‍රමාණවත් කළමනාකරුවන් නොමැති නිසාවෙන්, මෙම මට්ටමේදී සූක්ෂ්ම කළමනාකරණය කිරීම සඳහා, කළමනාකරණයට ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් කාලයක් නොමැත.
තෙවන පසුබෑමට හේතුවී ඇත්තේ, වෛද්‍ය සංවිධානවල සිටින වෛද්‍යවරුන්, හෙදියන්, හා වෛද්‍ය නිලධාරීන් යනාදී තනි පුද්ගල දායකයින්ට, ඔවුන් විසින්ම තීරණ ගැනීම වෙනුවෙන් සැබවින්ම හොඳම තත්වයක සිටින අයුරින්, “නායකයින්” ට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් තිබේ.

හැඳුනුම් ක්‍රමය

මෙහි අරමුණ වන්නේ, ඔබ ඉටුකර ගැනීමට උත්සහ කරන ඉලක්කයන් ඇසුරින්, මිනිසුන්ට හඳුනා ගැනීමට සැලැස්වීම මගින්, කළමනාකරණය කිරීමටයි.
උදාහරණයක් වශයෙන්, වෛද්‍ය මණ්ඩලයක් හෝ සංවිධානයක් විසින් යම් ඉලක්ක මට්ටමක් සපුරා ගැනීමට උත්සාහ කරන ලදුව, මේ අනුව, එම සේවාව එම නියත මට්ටමට ඉලක්ක කරගත යුතුය.
අනෙකුත් ක්‍රමයන්ට වඩා බොහෝ සෙයින් ප්‍රයෝගකාරීව, එයට කිසියම් බරපතල පුද්ගලාන්තර කුසලතාවයන් අවශ්‍ය වේ. නමුත් ඔබ එය නිසි පරිදි ඉටු කරන්නේ නම්, එය වෙනත් ඕනෑම ක්‍රමයකට වඩා හොඳින් ක්‍රියා කරයි.

සාමාන්‍යයෙන්, ජනතාවට ඔවුන්ගේ සහසේවකයින් කෙරෙහි පක්ෂපාතීත්වය සහ කැපවීම පිළිබඳ හැඟීමක් ඇතිවන අයුරින්, පවුලක් සේ හැඟෙන ආකාරයෙන් සංසක්තික සමුහ කණ්ඩායමක් සාදාගැනීම, හැඳුනුම් කළමනාකරණය විසින් ඔබෙන් අපේක්ෂා කෙරේ.
රෝහලක් වැනි වෛද්‍ය සංවිධානයක් තුළ, එකිනෙකා දෙසට වූ ස්ථීර කැපවීමක් නිර්මාණය කරගැනීම සඳහා, එම පිරිස විසින් එකිනෙකා කෙරෙහි ප්‍රබල හැඳිනීමක් තිබිය යුතුය.
දෙවන කොටස නම්, සංවිධානය නිවැරදි දෙසට ගෙන යාම සඳහා ජනතාව විසින් අපේක්ෂා කරන, අවශ්‍ය තොරතුරු ලබාදීමයි.

මුදල් (MONEY)

අර්ථය

භාණ්ඩ හා සේවා වෙනුවෙන් හුවමාරු කළ හැකි මාධ්‍යයක් වන අතරම, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම්වල මිනුමක් ලෙස ද භාවිතා වේ.

මුදල්වලින් තොරව, කිසිම ව්‍යාපාරයක් හෝ ව්‍යවසායකයක් විසින්, කම්කරුවන් උනන්දු කරවීම, ගුණාත්මක හා ප්‍රමාණවත් ද්‍රව්‍ය ලබාගැනීම, නිවැරදි යන්ත්‍රසුත්‍ර ගැනීම හා ඒවා නඩත්තු කිරීම, හෝ ඒ සමඟම කාලය නිසි ලෙස කළමනාකරණය කිරීමට වගබලා ගැනීම කළ නොහැකිය. ප්‍රමාණවත් තරම් මුදල් නොමැති අවස්ථාවක, හොඳ කම්කරුවන්, ද්‍රව්‍ය, හෝ යන්ත්‍රසුත්‍ර යොදා ගැනීම හෝ මිලදී ගැනීම කළ නොහැකිය.

MRI යන්ත්‍රය

වෛද්‍ය ක්ෂේත්‍රයේ නිදර්ශන

විග‍්‍රහය

MRI යන්ත්‍රය වැඩි වශයෙන්ම පෞද්ගලික සායන හෝ පෞද්ගලික රෝහල්වල භාවිතා වේ.
පෞද්ගලික රෝහල්වලට මුදල් නොමැති නම් MRI යන්ත්‍රයක් මිලදී ගත නොහැකිය.

වෛද්‍ය ක්ෂේත්‍රය තුළ භාවිතයන්
MRI අනුරූප වන්නේ, චුම්බක අනුනාද ප්‍රතිරූපනයට යි.
MRI පරිලෝකනයකින් ශරීරයේ බොහෝ ප්‍රදේශයන්හි පැහැදිලි රූපයක් නිර්මාණය කළ හැකිය.
එය පොදුවේ ගත්කළ, අසාමාන්‍යතාවයන් හා අර්බුදයන් හඳුනා ගැනීම සඳහා, මොළයේ හා සුෂුම්නාවේ විස්තරාත්මක රූප ලබා ගැනීමට භාවිතා කරයි.
MRI පරිලෝකනයක් මගින්, සන්ධි වටා ඉරුණු බන්ධනීයන් ද අනාවරණය කළ හැකිය.
එම නිසා එය වඩ වඩාත්, පසුව එන ක්‍රීඩා හිංසනයන් සඳහා භාවිතා කෙරේ.