Thursday, June 22, 2017

6.0 : මෙහෙයුම් පද්ධති - අනුමාන බහුවරණ ප්‍රශ්න 7 කොටස

91. පරිගණකයේ ඇති ගොනු පද්ධතියට (File System) පිවිසිය හැක්කේ ............ හරහා පමණි. ඉහත හිස්තැන පිරවීම සඳහා යොදාගත හැකි වඩාත්ම සුදුසු වචන ඛණ්ඩය වනුයේ,
1. පරිශීලක අතුරු මුහුණත් (UI – User Interfaces)                                               
2. මෙහෙයුම් පද්ධතිය (Operating System)
3. යෙදුම් මෘදුකාංග (Application Software)                                            
4. පද්ධති උපයෝගීතා (System Utility)
5. ගොනු උපලක්ෂණ (File Attributes)

92. ගොනු මෙහෙයුම් (File Operations) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
  1. පරිගණකයේ තැන්පත් කොට ඇති ගොනු, මෙහෙයුම් පද්ධතිය (Operating System) සමග ගනුදෙනු කිරීම සඳහා එය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස් System Calls ලෙසින් හැඳින්වේ.
  2. පරිශීලකයා විසින් ගොනුවක් භාවිතා කිරීමෙන් පසුව එය වසා දැමීම (Close) අනිවාර්යය නොවේ.
  3. හිස් ගොනුවක් (Empty File) නිර්මාණයේ දී මෙහෙයුම් පද්ධතිය විසින් සැකසිය යුතු ගොනු උපලක්ෂණ කිහිපයක් එම අවස්ථාවේදී පද්ධතිය විසින් සකසයි.
  4. Create ගොනු මෙහෙයුම (File Operation) මගින් පරිගණකයේ හිස් ගොනුවක් (Empty File) නිර්මාණය කෙරේ.
  5. පරිශීලකයින් හට ගොනුවක් තවදුරටත් අවශ්‍ය නොවන විටක දී ඒවා තැටියෙන් ඉවත් කිරීමට Delete යන ගොනු උපලක්ෂණය භාවිතා කරයි.

93. පරිගණකයේ තැන්පත්ව ඇති ගොනුවක් විවෘත කිරීම (Open) පිළිබඳව සාවද්‍ය ප්‍රකාශය වන්නේ,
  1. පරිශීලකයා විසින් ගොනුවක් භාවිතයට පෙර එය නිශ්චිත වශයෙන්ම විවෘත කර ගත යුතුවේ.
  2. පරිගණකයේ තැන්පත්ව ඇති ගොනු විවෘත කිරීම සඳහා වැඩසටහන් (මෘදුකාංග) උපයෝගී කරගත හැකිවේ.
  3. ගොනුවක් විවෘත කිරීම යනු එය පරිගණකයේ සසම්භාවී පිවිසුම් මතකයට හෙවත් ප්‍රධන මතකයට පූරණය (Load) කිරීමයි.
  4. මේ මගින් ගොනුවක (File) දත්ත කියවනු ලබයි.
  5. ගොනුවක් සසම්භාවී පිවිසුම් මතකයට පූරණය (Load) වීමෙන් පසුව එහි ඇති ගොනු උපලක්ෂණ (File Attributes) පසුව සිදු කරනු ලබන ගොනු මෙහෙයුම් (File Operations) සඳහා ඉක්මනින් ප්‍රවේශ විය හැකිවේ.

94. ගොනුවක් වැසීම (Close) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
  1. ගොනුවක් වැසීම යනු එම ගොනු භාවිතයට ගත් මතක අවකාශය (Memory Space) එනම් සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory) නිදහස් කිරීමයි.
  2. මෙහිදී සිදුවනුයේ එම ගොනුව ප්‍රවේශ වීමට යොදා ගත් ගොනු උපලක්ෂණ (File Attributes) හා තැටි යොමු (Disk addresses) ක්‍රමානූකූලව වසා දැමීමයි.
  3. සසම්භාවී ප්‍රවේශ මතකයේ අනෙකුත් ක්‍රියාවලීන් සඳහා අවකාශය (Space) ලබා දීම මෙම ගොනු මෙහෙයුම මගින් සිදුවේ.
  4. ගොනු වසා දැමීම පරිශීලකයා (User) විසින්ම සිදුකළ යුතුවේ.
  5. ගොනු වසා දැමීමෙන් පසුව ඊට අදාල ඇතැම් ගොනු උපලක්ෂණ (File attributes) ඊට අදාල ලෙස යාවත්කාලීන (Update) වීමක් සිදුවේ.

95............... යනු ගොනුවක් (File) කලින් තැන්පත් කළ ස්ථානයේ තිබියදීම එහි අන්තර්ගතය වෙනත් තැනකට පිටපත් කිරීමට යොදා ගන්නා ගොනු මෙහෙයුමකි. .................... යනු ගොනුවක්  දැනට තැන්පත් කර ඇති ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑමට භාවිතා කරනු ලබන ගොනු මෙහෙයුමකි. ඉහත වාක්‍යයේ හිස්තැන් පිරවීම සඳහා යොදාගත හැකි වාක්‍ය ඛණ්ඩයන් පිළිවෙලින් දැක්වෙනුයේ,
1. Move, Create                                                           
2. Move, Write                                     
3. Read, Write
4. Copy, Move                                                
5. Move, Copy 

96. සීමා සහිත දත්ත ලිවීමේ මෙහෙයුමකි. මෙයට දත්ත ලිවිය හැක්කේ ගොනුවක අන්තිම සිට පමණි. මෙම ගොනු මෙහෙයුම වන්නේ,                       
1. Write                        
2. Read                                    
3. Append                    
4. Create                      
5. Seek

97. සෑම ගොනුවකටම සුචියක් (Index) ඇත. එම සුචියෙහි ගොනුවකට අදාල මතක කට්ටිවල (Memory blocks) යොමු (Addresses) අඩංගු වී තිබේ. මෙම යාන්ත්‍රණයේ දී අනුක්‍රමික ප්‍රවේශය (Sequential access) සහ සෘජු ප්‍රවේශය (Direct access) යන ආකාර දෙකම යොදා ගනියි. මෙම යාන්ත්‍රණය (Mechanism) විය හැක්කේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)                                              
2. සෘජු ප්‍රවේශය (Direct access)
3. සසම්භාවී ප්‍රවේශය (Random access)                                      
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)
5. ඉහත කිසිවක් නොවේ.

98. Get attributes සහ Set attributes යන ගොනු මෙහෙයුම් (File operations / System calls) සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය වන්නේ,
  1. මේවා දත්ත කියවීමට හා ලිවීමට භාවිතා කරයි.
  2. පරිශීලකයින් හට සැකසිය හැකි උපලක්ෂණ වෙනස් කිරීමට Get attributes යොදා ගනියි.
  3. Set attributes උපලක්ෂණය උපකාරී වනුයේ ගොනු උපලක්ෂණ කියවීම සඳහාය.
  4. ගොනුවක් නිර්මාණයෙන් පසු වෙනස් කල හැකි, පරිශීලකයෙකුට සැකසිය නොහැකි උපලක්ෂණ (attributes) සැකසීමට ගොනු Set attributes මෙහෙයුම යොදා ගනියි.
  5. Get attributes ගොනු උපලක්ෂණ කියවීමට යොදා ගන්නා අතර Set attributes මගින් ගොනුවක පරිශීලකයාට සැකසීමට හැකි උපලක්ෂණ (attributes) සැකසීමට යොදා ගනියි.

99. ගොනුවක් සසම්භාවීව ප්‍රවේශ කිරීමේදී (random access) දත්ත ලබා ගත යුතු වන්නේ කොතන සිටදැයි සඳහන් කිරීමට යොදා ගනු ලබන ගොනු මෙහෙයුම වන්නේ,
1. Append                    
2. Seek                        
3. Create                      
4. Close                       
5. Write

100. චුම්භකිත පටි ධාවක (Magnetic Tape Drive) හෝ සම්පාදක (Compilers) වලින් දත්ත කියවීමේ දී යොදා ගනු ලබන ප්‍රවේශ යාන්ත්‍රණය (Access mechanism) වන්නේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)                                              
2. සෘජු ප්‍රවේශය (Direct access)
3. සසම්භාවී ප්‍රවේශය (Random access)                                      
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)
5. ඉහත කිසිවක් නොවේ.

101. ගොනුවක ඇති බයිට (bytes) හෝ රෙකෝඩ (records) තැනින් තැන කියවීමේ යාන්ත්‍රණය (mechanism) හඳුන්වනු ලබන්නේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)                       
2. සෘජු ප්‍රවේශය (Direct access)       
3. සසම්භාවී ප්‍රවේශය (Random access)
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)                                                     
5. ඉහත කිසිවක් නොවේ.

102. Read / Write ගොනු මෙහෙයුම් (File Operations) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
  1. ගොනුවකින් දත්ත කියවීම සඳහා Read ගොනු මෙහෙයුම (File operation / System call) යොදා ගනියි.
  2. ගොනුවකට දත්ත ලිවීම සඳහා Write ගොනු මෙහෙයුම (File operation / System call) යොදා ගනියි.
  3. ගොනුවකින් දත්ත කියවීමේ (Read) දී සහ ලිවීමේ (Write) දී සිදුවනුයේ එකම ක්‍රියාවලියක් වන අතර එකම ගොනු උපලක්ෂණයන් (File attributes) භාවිතා වේ.
  4. ගොනුවකින් (File) දත්ත කියවනු ලබන්නේ ගොනු දක්වනය (File pointer) ලෙසින් සසම්භාවී ප්‍රවේශ මතකයෙහි තබාගෙන ඇති තැටි යොමුවක (Disk address) සිටය.
  5. ගොනුවක ඇති දත්ත කියවීම සඳහාත් ලිවීම සඳහාත් ගොනු දක්වනය (File Pointer) උපකාරී වේ.

103. ගොනුවක (File) අන්තිමටම කියවූ හෝ ලියවූ යොමුව (Read / Write address) සඳහන් වන්නේ පහත සඳහන් කුමන දත්තයෙහි ද?
1. ගොනුව විවෘතවූ වාර ගණන (File open count)                                     
2. ගොනු දක්වනය (File Pointer)
3. ගොනුවේ තැටි පිහිටීම (Disk location of the file)                              
4. ගොනුවේ ප්‍රවේශ අයිති (Access rights)
5. තැටි යොමුව (Disk address)

104. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access) සහ සෘජු ප්‍රවේශය (Direct access) යන ප්‍රවේශ යාන්ත්‍රණ එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරනු ලබන ගොනු ප්‍රවේශ යාන්ත්‍රණය (File access mechanisms) හඳුන්වන්නේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)                                              
2. සෘජු ප්‍රවේශය (Direct access)
3. සසම්භාවී ප්‍රවේශය (Random access)                                      
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)
5. ඉහත කිසිවක් නොවේ.

105. ගොනු දක්වනය (File Pointer) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
  1. ගොනුවක අන්තිමටම කියවූ / ලියවූ යොමුව (Read / Write address) මෙහි සඳහන් වේ.
  2. යම් කිසි ගොනුවක් ක්‍රියාවලි කිහිපයක් භාවිතා කරන විටදී ඒ සෑම ක්‍රියාවලියකටම වෙන්වූ ගොනු දක්වනයක් (File pointer) ඇත.
  3. ගොනුවක් විවෘත කර එය සමග කටයුතු කිරීමේ දී මෙය බෙහෙවින් උපකාරී වේ.
  4. ගොනුවක් විවෘත වූ වාර ගණන ගොනු දක්වනයෙහි (File pointer) අඩංගු වේ.
  5. ගොනුවක ඇති දත්ත කියවීම සඳහාත් ලිවීම සඳහාත් ගොනු දක්වනය (File Pointer) උපකාරී වේ.
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment