භෞම පද්ධතිය
පෘතිවියත් ඒවටා ඇති වායුගෝලයත් එහි ඇති අනෙකුත් අංගයනුත් අතර පවතින අන්‍යා්න්‍ය සම්බන්දතාවය භෞම පද්දතිය ලෙස සැලකේ.මෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය සූර්යයගෙන් සහ ගුරුත්වබලයෙන් ලැබේ.සූර්ය ශක්තිය කිහිප ආකාරයකින් වැදගත්වෙයි.එනම් ජෛව ක්‍රියාකාරීත්වයට වායුගෝලීය හා අනෙකුත් අජීවී ක්‍රියාකාරීත්වයන් පවත්වාගෙන යාමයි. අජීවී ක්‍රියාවලි ලෙස භෞම පද්ධතිය තුළ ක්‍රියාත්මක වන පදාර්ථ චක්‍රයන් පෙන්වා දියහැකිය. ජල චක්‍රය භෞම පද්ධතියෙහි විවිධ කොටස් අතර සම්බන්දතාවයන් පවත්වාගෙන අතරම සූර්ය තාපය එක් අථානයක සිට තවත් ස්ථානයකට ගෙනයාමද ජලය මින් සිදුකරයි.
උදා- සාගර ප්‍රවාහ ඔස්සේ සූර්යතාපය ඉහළ අක්ශාංශ කලාප කරා ගෙනයාම.
භෞම පද්ධතිය ප්‍රධන උප පද්ධති 03කට බෙදෙයි.
- ශිලා ගෝලය
- ජල ගොලය
- වායු ගෝලය
අජීවි උප පද්ධති වන අතර ජෛව ගෝලය සජීවී උප පද්ධතියක් වෙයි. මේවා අතර එකිනෙකට සම්බන්දතා පවතී.නැවතත් මෙම පද්ධති උප පද්ධති රාශියකට බෙදෙන අතර එසේ බෙදී යනවිට පද්ධතිවල ඇති සංකීර්ණ බව ක්‍රමයෙන් අඩු වී යයි. එසේම මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘෂිකාරමික පරිසර පද්ධතිය හා නාගරික පරිසර පද්ධතිය උප පද්ධති 02 ලෙස දැක්විය හැකිය.කෘෂිකාර්මික පද්ධතියට ලැබෙන සූර්ය ශක්තිය මිනිසා විසින් පාලනය කරනු ලබයි. එසේම නාගරික පරිසර පද්ධතියට ශක්තිය ලැබෙන්නේ පොසිල ඉන්දන දවාලීමෙනි.
ශිලා ගෝලය (පෘථිවි අභ්‍යන්තර පද්ධතිය)
පෘථිවිය මතුපිට සිට අභ්‍යන්තරය දක්වා 371Km විහිදී ඇති කලාපය ශිලා ගෝලයයි.මෙම කලාපය ප්‍රධන ස්ථර 04කින් සමන්විතය.ඒවා නම්,
- පෘථීවි කබොල
- ප්‍රාවරණය
- බාහිර හරය
- අභ්‍යන්තර හරය
පෘථිවිය මතුපිට ස්ථරය නැතිනම් පාශාණ කබොල පාශාණ කවරය ලෙසද හඳුන්වයි.
මෙහි ඝණකම 5km-30km දක්වා එක් එක් ස්ථාන වලදී වෙනස් වෙයි. මෙම කලාපය පාශාණ හා ඛණිජ වලින් සමන්විත වන අතර බහුලව පැතිරී ඇත්ති ඛණිජ යකඩ,සිලිකා,ඇලුමීනියම් සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍යන් වන අතර බහුල පාශාණයන් වන්නේ ග්රැනයිට් ය . සාගර මහද්වීප සහ අනෙකුත් භූරුපය සියල්ල පෘථිවි කබොල මත පිහිටා ඇත.
පෘථිවි කබොල යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණයයි.මෙය 2900km පමණ ඝණකමකින් යුක්තවෙයි. පෘථිවි කබොල හා ප්‍රාවරණය වෙන්කරන සීමාව මෙහොරවිසික් අසන්තතිය ලෙස හඳුන්වයි.ප්‍රාවරණය මතුපිට උෂ්ණත්වය අධික වන අතර යකඩ, මැග්නීසියම්, සිලිකා සහ ඇලුමීනියම් වැනි මූලද්‍රව්‍යඋණුවී ද්‍රව ලාවා ස්ථරයක් සකස් වීඇත.එය අධෝ ගෝලය ලෙස හඳුන්වයි. මෙම අධෝ ගෝලය මත ඉහළින් ඇති පාශාණ තැටි පාවෙමින් පවතී.පාශාණ තැටි පාවීමට හේතුවන බලය අධෝ ගෝලයෙන් නිකුත්කරන සංවහන ධාරාවන් වෙයි.ප්‍රාවරණයේ අභ්‍යනිතර කලාපය ඝණ ස්වභාවයෙන් පවතී.
ප්‍රාවරණ කලාපයට යටින් පිහිටා ඇත්ත්‍ෙ බාහිර හරයයි. එහි යකඩ, නිකල් හා කේර්මියම් වැනි දෑ අඩංගු වන අතර ඉන් 90%ක්ම යකඩ වෙයි.මෙම කලාපමේ උෂ්ණත්වය20000c පමණ වන නිසා සියළු මූලද්‍රව්‍ය උණුවී ද්‍රවතත්වයේ පවතී. බාහිර හරයේ ඝණකම 2250km පමණ වේ.බාහිර හරය හරහා ප්‍රාවරණය වෙන්කරණ සීමාව ගුටෙන්බර්ග් අසන්තතිය ලෙස හඳුන්වයි.
පෘථිවියේ මධ්‍ය කලාපය අභනිතර හරය වෙයි.මෙය මූලදූව්‍ය ඝණ වූ ගෝලයක ස්වභාවය ගනී. එහි අරය 1220km පමණ වෙයි. මෙම කලාපයේ උෂ්ණත්වය 30000c පමණ වන අතර ඉහළින් ඇති කරන පීඩනයහා තෙරපීම හේතුවෙන් ඝණ තත්වයේ පවතී.පෘථිවයේ භ්‍රමණය සමම අභ්‍යන්තර හරයද භ්‍රමණය වන බව සොයා ගෙන ඇත.බාහිර හරය සහ අභ්‍යන්තර හරය වෙන්කරන සීමාව ලෙමන් අසන්තතිය ලෙස හඳුනිවයි.
වායුගොලීය පද්දතිය
වායුගෝලීය පද්ධතිය පෘථිවිය වටා ගෝලාකාර හැඩයක් ගනී. වායුගෝලය තුළ විවිධ වායු වර්ග,අපදුව්‍ය සහ ජල වාශ්ප පවතී. පෘතිවි තලයේ සිට 900km යනතෙක් විහිදී ඇති වායු ගෝලය ප්‍රධන ස්ථර 04කින් සමනිවිත වෙයි.එනම්,
- පරිවරතී ගෝලය
- අපරිවරතී ගෝලය
- මෙසෝ ගෝලය
- අයන ගෝලය
පරිවර්තී ගෝලය
වායු ගෝලයේ පහලම වායු ස්ථරය පරිවර්තී ගෝලයයි. මෙය භූතලය ආසන්නය් සිට 15km පමණ ඉහළට විහිදෙයි. පරිවර්තීගොලය ඩලීප්සාකාර හැඩයත් ගන්නා අතර සමකය ආසන්නයේ 16km ක් පමණ පළල් වේ. සෞම්‍ය කලාපයේ දී 12kmද ධ්‍රැවාසන්න ප්‍රදේශ වලදී 8kmක් දක්වා ඝණකමට පිහිටාඇත.පෘථිවියට බලපාන්නාවූ කාලගුණික හා දේශගුණික විපර්යාසයන් පරිවර්තී ගෝලය තුළ නිර්මානය වන අතර එම අංගයන්වන වර්ශාපතනය,උෂ්ණත්වය,වායු පීඩනය සහ ආර්ධතාවය නිතර වෙනස්වීම්වලට භාජනය වෙයි.වායු ගෝලය තුළ පවතින වායූන්ගෙන් 80%ක්ම පරිවර්තීගෝලයේ ඇත.
අපරිවර්තී ගොලය
පරිවර්තී ගෝලයට ඉහළින් පිහිටා ඇති වායු ස්ථරය අපරිවර්තී ගෝලයයි.එය 15km - 50km දක්වා ව්‍යාප්තියක් පෙන්වයි.මේ කලාපය තුළ කිසිඳු කාලගුණික හා දේශගුණික මෙම කලාපයේ කිසිඳ කාලගුණික හා දේශඝුණික විපර්යාස යක් සිදු නොවෙයි. මුළු වායුප්‍රමාණයෙන් 10% අපරිවර්තී ගෝලය තුළ පවතී එනම් ඖසෝන් වායු ස්ථරයයි.එයින් සූර්ය කිරණ වල ඇති පාරජමිබුල කිරණ උරාගනී
මෙසෝ ගෝලය
වායු ගෝලය 50km - 80km අතර කලාපය මෙසෝ ගෝලය යයි. මෙම කලාපය තුළ වායුගෝලීය උෂණත්වය ක්‍රමයෙන් අඩුවෙයි.එනම් -90c සිට -120c දක්වා වෙයි.එසේම වායුගෝලීය පීඩනයද අඩුවෙයි.ගිම්හාන කාලයේදී මෙම කලාපයේ ආලෝකය විහිදුවන වලාකුළු සහ නිශාදිප්ත වලාකුළු දැකිය හැකිවෙයි.
අයන ගෝලය
වායුගෝලයේ 80km - 900km අතර කලාපය අයන ගෝලයයි.අයන ගෝලය තුළදී වායුගෝලීය උශණත්වය සීඝ්‍රයෙන් වැඩිවෙයි.120kmදී උෂණත්වය 5200c දී 900දී උෂ්ණත්වය 15000c දක්වා උෂණත්වය වැඩිවේ.සූර්යාගේ සිට පැමිනෙන පාරජමිබුල සහ කොස්මික් ධාරාඅධික වේගයෙන් පැමිනීම නිසා අයනීකරණයට භාජනය වෙයි.ඔක්සිජන් සහ නයිට්‍රජන් පරමාණු විද්‍යුත් කැවීම නිසා සිදුවන විදුලි අණු වෙන් වීමෙන් මෙම කලාපය තුළ අධික උෂණත්වයක් උත්පාදනය වේ. ඉහළ වායුගෝලයට යන ගුවන්විදුලි කෙටි තරංග වලට විද්‍යුත් සන්නයන පටල විනිවිදයා නොහැකි නිසා කෙටි තරංග ලෙස නැවත පොළවට පරාවර්ථනය වේ.එසේම අයන ගෝලය තුළ සුර්ය කුණාටු හෙවත් අවුරෝරාඋරාගනී.ඒවා ධ්‍රැවාසන්න ප්‍රදේශ තුළදී විවිධ වර්ණ වලින් යුතු ආලෝකය විහිදුවමින් විනාශවෙයි.ඒවා ඌෂාලෝක(ධ්‍රැව එළි) ලෙස හඳුන්වයි.
No comments:
Post a Comment