Showing posts with label ගිණුම්කරණය. Show all posts
Showing posts with label ගිණුම්කරණය. Show all posts
Saturday, June 24, 2017
ගිණුම්කරණය
ගිණුම්කරණ සමීකරණය
පද්ධති සංකල්පය
ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය-1
ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
මූලික පොත්
Thursday, June 22, 2017
ගිණුම්කරණ සමීකරණය
ගිණුම්කරණ සමීකරණය
(Accounting Equation)
ගිණුම්කරණ යෙදවුම් හා නිමවුම් ක්‍රියාවලිය
(Process of Accounting input & output)
ගිණුම්කරණය සාමාන්‍ය නිෂ්පාදන ආයතනයක ක්‍රියාවලියට සමාන වුවකි. අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදන ක්‍රියාවලියක් අනුසාරයෙන් නිමි භාණ්ඩයක් නිපදවීම නිෂ්පාදන ආයතනයකින් සිදු වේ. එහිදී අමුද්‍රව්‍ය යෙදවුම් ලෙස ද නිමිභාණ්ඩ නිමැවුම් ලෙස ද සැලකීමට පුළුවන. ගිණුම්කරණයේදී ද ගනුදෙනු හා සිද්ධීන් යොදාගනිමින් මූල්‍ය ප්‍රකාශ ඇතුලු අනෙකුත් ගිණුම් ප්‍රකාශන පිළියෙල කෙරේ. මෙහිදී ගනුදෙනු හා සිද්ධීන් යෙදවුම් ලෙසත් මූල්‍ය ප්‍රකාශ හා අනෙකුත් ගිණුම් ප්‍රකාශන නිමැවුම් ලෙසත් හැඳින්විය හැකි ය.
ගිණුම්කරණ යෙදවුම් (Accounting Inputs)
මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ අරමුණ ඇතිව ගිණුම්කරණ යාන්ත්‍රණයට ඇතුලත් කරනු ලබන ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ අමුදත්ත ගිණුම්කරණ යෙදවුම් නම් වේ. වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම් ව්‍යාපාරයක් සතු සම්පත්වල ඇතිවන සියලුම මූල්‍යමය වෙනස්වීම ගිණුම්කරණ යෙදවුම් වේ.
ගිණුම්කරණ නිමැවුම් (Accounting Output)
ව්‍යාපාර ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ යාන්ත්‍රණයට ඇතුලත් කිරීමෙන් නිමැවෙන මූල්‍ය ප්‍රකාශ ඇතුලු ගිණුම් වාර්තා ගිණුම්කරණ නිමැවුම් අතර ප්‍රධාන ස්ථානයක් ගනී. මේවා මගින් ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල, මූල්‍ය තත්ත්වය හා මුදල් ප්‍රවාහයන් ඉදිරිපත් කරනු ලැබේ.
ගිණුම්කරණ යෙදවුම් හා නිමැවුම් අතර වූ සම්බන්ධතාවය
යෙදවුම්
අමුදත්ත
(ගනුදෙනු හා
සිද්ධීන්) |
→
|
ගිණුම්කරණ
යාන්ත්‍රනය
(වාර්තා කිරීම,
වර්ග කිරීම, සාරාංශ කිරීම.) |
→
|
නිමැවුම්
සංවිධිත
තොරතුරු
(මූල්‍ය ප්‍රකාශ)
|
ගනුදෙනු හා සිද්ධීන් (Transactions & Events)
ව්‍යාපාර ආයතනයක් සතු ආර්ථික සම්පත්වල ඇතිවන සියලුම මූල්‍යමය වෙනස්වීම් ගනුදෙනු හා සිද්ධීන් යන්නට අයත් වේ.
ගනුදෙනු (Transactions)
ව්‍යාපාරය හා බාහිර පාර්ශවයන් අතර ඇතිවන සම්පත් හෝ බැඳීම් හුවමාරුවීම් ගනුදෙනු නම් වේ.
උදා:- අයිතිකරු විසින් ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවීම, භාණ්ඩ මිලදී ගැනීම, භාණ්ඩ විකිණීම, නයගතියන්ගෙන් මුදල් ලැබීම, නයහිමියන්ට මුදල් ගෙවීම, බැංකුවෙන් නය මුදලක් ලබා ගැනීම, සේවකයන්ට වැටුප් ගෙවීම.
සිද්ධීන් (Events)
ව්‍යාපාරය තුල අභ්‍යන්තර වශයෙන් ඇතිවන තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස සිදුවන ව්‍යාපාරයේ සම්පත්වල මූල්‍යමය වටිනාකම් වෙනස්වීම් සිද්ධීන් නම් වේ. මෙවැනි සිද්ධීන් සඳහා බාහිර පාර්ශවයක් සම්බන්ධ නොවේ.
උදා:- අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමිභාණ්ඩ නිපදවීම, ස්ථාවර වත්කම්වල ක්ෂයවීම, ගින්නකින් සිදුවූ අලාභ, නාගරීකරණය හේතුවෙන් ව්‍යාපාරය සතු ඉඩම්වල අගය ඉහල යාම.
ගිණුම්කරණ සමීකරණය
(Accounting Equation)
ව්‍යාපාරයක් සතු වත්කම් ද එකී වත්කම් ලබාගැනීමට මුදල් යෙදවූ පාර්ශවයන්ට ඇති හිමිකම් හෝ බැඳීම් ද අතර වූ සම්බන්ධතාවය මූලික ගිණුම්කරණ සමීකරණය නම් වේ. ශේෂපත්‍ර සමීකරණය යනුවෙන් ද හඳුන්වනු ලබන මෙම සමීකරණයට අනුව ඕනෑම ව්‍යාපාර ආයතනයක ඕනෑම අවස්ථාවකදී මුළු වත්කම්වල අගයත් හිමිකම් ඇතුලු මුළු වගකීම්වල අගයත් සමාන විය යුතු ය.
මේ අනුව මූලික ගිණුම්කරණ සමීකරණය පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකි ය.
හිමිකම්
E
|
+
+
|
වගකීම්
L
|
=
=
|
වත්කම්
A
|
මෙහි හිමිකම් යන පදය වෙනුවට ප්‍රාග්ධනය (Capital) හෝ අයිතිකරුගේ ස්කන්ධය (Owner's Equity) යන වචන ද යොදාගත හැකි ය. ඒ අනුව මූලික ගිණුම්කරණ සමීකරණය C + L = A හෝ OE + L = A යනුවෙන් පෙන්නුම් කළ හැකි ය.
අභ්‍යාස- 01
පහත සඳහන් එකිනෙක සෘජු ප්‍රතිඵල ගෙන දෙන ගනුදෙනුවක් බැගින් විස්තර කරන්න.
(1) වත්කමක් වැඩිවීම හා වත්කමක් අඩුවීම.
(2) වත්කමක් වැඩිවීම හා වගකීමක් වැඩිවීම.
(3) වත්කමක් අඩුවීම හා වගකීමක් අඩුවීම.
(4) වත්කමක් වැඩිවීම හා අයිතිකරුවන්ගේ ස්කන්ධය වැඩිවීම.
(5) වත්කමක් අඩුවීම හා අයිතිකරුවන්ගේ ස්කන්ධය අඩුවීම.
(උසස් පෙළ 1983 අගෝස්තු - ලකුණු 10 යි)
අභ්‍යාස- 02
පහත සඳහන් එක් එක් ගනුදෙනුව ගිණුම්කරණ සමීකරණයට ඇතිකරන බලපෑම (වැඩි වේ/අඩු වේ වශයෙන්) දක්වන්න. ගිණුම්කරණ සමිකරණයේ ශීර්ෂයන් පහත සඳහන් පරිදි භාවිතා කරන්න.
වත්කම් = වගකීම් + හිමිකම්
(i) අයිතිකරු විසින් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීම.
(ii) ඉටු කරන ලද සේවා වෙනුවෙන් මුදල් ලැබීම.
(iii) අත්පිට මුදලට භාණ්ඩ මිල දී ගැනීම.
(iv) ව්‍යාපාරය දරා ඇති වියදම් වෙනුවෙන් ගෙවීම.
(v) ණයට භාණ්ඩ මිල දී ගැනීම.
(vi) ව්‍යාපාරය විසින් දරා ඇති එහෙත් මේ දක්වා ගෙවා නොමැති වියදම්.
(උසස් පෙළ 1996 අගෝස්තු - ලකුණු 03 යි)
පද්ධති සංකල්පය
භෞම පද්ධතිය
පෘතිවියත් ඒවටා ඇති වායුගෝලයත් එහි ඇති අනෙකුත් අංගයනුත් අතර පවතින අන්‍යා්න්‍ය සම්බන්දතාවය භෞම පද්දතිය ලෙස සැලකේ.මෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය සූර්යයගෙන් සහ ගුරුත්වබලයෙන් ලැබේ.සූර්ය ශක්තිය කිහිප ආකාරයකින් වැදගත්වෙයි.එනම් ජෛව ක්‍රියාකාරීත්වයට වායුගෝලීය හා අනෙකුත් අජීවී ක්‍රියාකාරීත්වයන් පවත්වාගෙන යාමයි. අජීවී ක්‍රියාවලි ලෙස භෞම පද්ධතිය තුළ ක්‍රියාත්මක වන පදාර්ථ චක්‍රයන් පෙන්වා දියහැකිය. ජල චක්‍රය භෞම පද්ධතියෙහි විවිධ කොටස් අතර සම්බන්දතාවයන් පවත්වාගෙන අතරම සූර්ය තාපය එක් අථානයක සිට තවත් ස්ථානයකට ගෙනයාමද ජලය මින් සිදුකරයි.
උදා- සාගර ප්‍රවාහ ඔස්සේ සූර්යතාපය ඉහළ අක්ශාංශ කලාප කරා ගෙනයාම.
භෞම පද්ධතිය ප්‍රධන උප පද්ධති 03කට බෙදෙයි.
- ශිලා ගෝලය
- ජල ගොලය
- වායු ගෝලය
අජීවි උප පද්ධති වන අතර ජෛව ගෝලය සජීවී උප පද්ධතියක් වෙයි. මේවා අතර එකිනෙකට සම්බන්දතා පවතී.නැවතත් මෙම පද්ධති උප පද්ධති රාශියකට බෙදෙන අතර එසේ බෙදී යනවිට පද්ධතිවල ඇති සංකීර්ණ බව ක්‍රමයෙන් අඩු වී යයි. එසේම මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘෂිකාරමික පරිසර පද්ධතිය හා නාගරික පරිසර පද්ධතිය උප පද්ධති 02 ලෙස දැක්විය හැකිය.කෘෂිකාර්මික පද්ධතියට ලැබෙන සූර්ය ශක්තිය මිනිසා විසින් පාලනය කරනු ලබයි. එසේම නාගරික පරිසර පද්ධතියට ශක්තිය ලැබෙන්නේ පොසිල ඉන්දන දවාලීමෙනි.
ශිලා ගෝලය (පෘථිවි අභ්‍යන්තර පද්ධතිය)
පෘථිවිය මතුපිට සිට අභ්‍යන්තරය දක්වා 371Km විහිදී ඇති කලාපය ශිලා ගෝලයයි.මෙම කලාපය ප්‍රධන ස්ථර 04කින් සමන්විතය.ඒවා නම්,
- පෘථීවි කබොල
- ප්‍රාවරණය
- බාහිර හරය
- අභ්‍යන්තර හරය
පෘථිවිය මතුපිට ස්ථරය නැතිනම් පාශාණ කබොල පාශාණ කවරය ලෙසද හඳුන්වයි.
මෙහි ඝණකම 5km-30km දක්වා එක් එක් ස්ථාන වලදී වෙනස් වෙයි. මෙම කලාපය පාශාණ හා ඛණිජ වලින් සමන්විත වන අතර බහුලව පැතිරී ඇත්ති ඛණිජ යකඩ,සිලිකා,ඇලුමීනියම් සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍යන් වන අතර බහුල පාශාණයන් වන්නේ ග්රැනයිට් ය . සාගර මහද්වීප සහ අනෙකුත් භූරුපය සියල්ල පෘථිවි කබොල මත පිහිටා ඇත.
පෘථිවි කබොල යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණයයි.මෙය 2900km පමණ ඝණකමකින් යුක්තවෙයි. පෘථිවි කබොල හා ප්‍රාවරණය වෙන්කරන සීමාව මෙහොරවිසික් අසන්තතිය ලෙස හඳුන්වයි.ප්‍රාවරණය මතුපිට උෂ්ණත්වය අධික වන අතර යකඩ, මැග්නීසියම්, සිලිකා සහ ඇලුමීනියම් වැනි මූලද්‍රව්‍යඋණුවී ද්‍රව ලාවා ස්ථරයක් සකස් වීඇත.එය අධෝ ගෝලය ලෙස හඳුන්වයි. මෙම අධෝ ගෝලය මත ඉහළින් ඇති පාශාණ තැටි පාවෙමින් පවතී.පාශාණ තැටි පාවීමට හේතුවන බලය අධෝ ගෝලයෙන් නිකුත්කරන සංවහන ධාරාවන් වෙයි.ප්‍රාවරණයේ අභ්‍යනිතර කලාපය ඝණ ස්වභාවයෙන් පවතී.
ප්‍රාවරණ කලාපයට යටින් පිහිටා ඇත්ත්‍ෙ බාහිර හරයයි. එහි යකඩ, නිකල් හා කේර්මියම් වැනි දෑ අඩංගු වන අතර ඉන් 90%ක්ම යකඩ වෙයි.මෙම කලාපමේ උෂ්ණත්වය20000c පමණ වන නිසා සියළු මූලද්‍රව්‍ය උණුවී ද්‍රවතත්වයේ පවතී. බාහිර හරයේ ඝණකම 2250km පමණ වේ.බාහිර හරය හරහා ප්‍රාවරණය වෙන්කරණ සීමාව ගුටෙන්බර්ග් අසන්තතිය ලෙස හඳුන්වයි.
පෘථිවියේ මධ්‍ය කලාපය අභනිතර හරය වෙයි.මෙය මූලදූව්‍ය ඝණ වූ ගෝලයක ස්වභාවය ගනී. එහි අරය 1220km පමණ වෙයි. මෙම කලාපයේ උෂ්ණත්වය 30000c පමණ වන අතර ඉහළින් ඇති කරන පීඩනයහා තෙරපීම හේතුවෙන් ඝණ තත්වයේ පවතී.පෘථිවයේ භ්‍රමණය සමම අභ්‍යන්තර හරයද භ්‍රමණය වන බව සොයා ගෙන ඇත.බාහිර හරය සහ අභ්‍යන්තර හරය වෙන්කරන සීමාව ලෙමන් අසන්තතිය ලෙස හඳුනිවයි.
වායුගොලීය පද්දතිය
වායුගෝලීය පද්ධතිය පෘථිවිය වටා ගෝලාකාර හැඩයක් ගනී. වායුගෝලය තුළ විවිධ වායු වර්ග,අපදුව්‍ය සහ ජල වාශ්ප පවතී. පෘතිවි තලයේ සිට 900km යනතෙක් විහිදී ඇති වායු ගෝලය ප්‍රධන ස්ථර 04කින් සමනිවිත වෙයි.එනම්,
- පරිවරතී ගෝලය
- අපරිවරතී ගෝලය
- මෙසෝ ගෝලය
- අයන ගෝලය
පරිවර්තී ගෝලය
වායු ගෝලයේ පහලම වායු ස්ථරය පරිවර්තී ගෝලයයි. මෙය භූතලය ආසන්නය් සිට 15km පමණ ඉහළට විහිදෙයි. පරිවර්තීගොලය ඩලීප්සාකාර හැඩයත් ගන්නා අතර සමකය ආසන්නයේ 16km ක් පමණ පළල් වේ. සෞම්‍ය කලාපයේ දී 12kmද ධ්‍රැවාසන්න ප්‍රදේශ වලදී 8kmක් දක්වා ඝණකමට පිහිටාඇත.පෘථිවියට බලපාන්නාවූ කාලගුණික හා දේශගුණික විපර්යාසයන් පරිවර්තී ගෝලය තුළ නිර්මානය වන අතර එම අංගයන්වන වර්ශාපතනය,උෂ්ණත්වය,වායු පීඩනය සහ ආර්ධතාවය නිතර වෙනස්වීම්වලට භාජනය වෙයි.වායු ගෝලය තුළ පවතින වායූන්ගෙන් 80%ක්ම පරිවර්තීගෝලයේ ඇත.
අපරිවර්තී ගොලය
පරිවර්තී ගෝලයට ඉහළින් පිහිටා ඇති වායු ස්ථරය අපරිවර්තී ගෝලයයි.එය 15km - 50km දක්වා ව්‍යාප්තියක් පෙන්වයි.මේ කලාපය තුළ කිසිඳු කාලගුණික හා දේශගුණික මෙම කලාපයේ කිසිඳ කාලගුණික හා දේශඝුණික විපර්යාස යක් සිදු නොවෙයි. මුළු වායුප්‍රමාණයෙන් 10% අපරිවර්තී ගෝලය තුළ පවතී එනම් ඖසෝන් වායු ස්ථරයයි.එයින් සූර්ය කිරණ වල ඇති පාරජමිබුල කිරණ උරාගනී
මෙසෝ ගෝලය
වායු ගෝලය 50km - 80km අතර කලාපය මෙසෝ ගෝලය යයි. මෙම කලාපය තුළ වායුගෝලීය උෂණත්වය ක්‍රමයෙන් අඩුවෙයි.එනම් -90c සිට -120c දක්වා වෙයි.එසේම වායුගෝලීය පීඩනයද අඩුවෙයි.ගිම්හාන කාලයේදී මෙම කලාපයේ ආලෝකය විහිදුවන වලාකුළු සහ නිශාදිප්ත වලාකුළු දැකිය හැකිවෙයි.
අයන ගෝලය
වායුගෝලයේ 80km - 900km අතර කලාපය අයන ගෝලයයි.අයන ගෝලය තුළදී වායුගෝලීය උශණත්වය සීඝ්‍රයෙන් වැඩිවෙයි.120kmදී උෂණත්වය 5200c දී 900දී උෂ්ණත්වය 15000c දක්වා උෂණත්වය වැඩිවේ.සූර්යාගේ සිට පැමිනෙන පාරජමිබුල සහ කොස්මික් ධාරාඅධික වේගයෙන් පැමිනීම නිසා අයනීකරණයට භාජනය වෙයි.ඔක්සිජන් සහ නයිට්‍රජන් පරමාණු විද්‍යුත් කැවීම නිසා සිදුවන විදුලි අණු වෙන් වීමෙන් මෙම කලාපය තුළ අධික උෂණත්වයක් උත්පාදනය වේ. ඉහළ වායුගෝලයට යන ගුවන්විදුලි කෙටි තරංග වලට විද්‍යුත් සන්නයන පටල විනිවිදයා නොහැකි නිසා කෙටි තරංග ලෙස නැවත පොළවට පරාවර්ථනය වේ.එසේම අයන ගෝලය තුළ සුර්ය කුණාටු හෙවත් අවුරෝරාඋරාගනී.ඒවා ධ්‍රැවාසන්න ප්‍රදේශ තුළදී විවිධ වර්ණ වලින් යුතු ආලෝකය විහිදුවමින් විනාශවෙයි.ඒවා ඌෂාලෝක(ධ්‍රැව එළි) ලෙස හඳුන්වයි.
ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය-1
'ගිණුම්කරණය 'යන විශය ඈත අතීතයේ සිට පැවත එන්නකි.අතීතයේදී මෙම විශය සමාජයේ විවිධ කාර්යයන්ට සහ විවිධ අවශ්‍යතාවයන්ට භාවිතයට ගැනුනි.නමුත් එය සිදු වූයේ විධිමත් ආකරයට නොවේ.ගිණුම්කරණය විධිමත් ලෙස ව්‍යාප්ත වූයේ ,දැනට වසර 500 පමණ පෙර 'ලූකා පැසියෝලි'නැමති පියතුමා විසින් ගිණුම්කරණයේ ද්විත්ව සටහන් ක්‍රමය පහැහැදිළි කරමින් ඉදිරිපත් කල ගණිත පොත හේතුවෙනි.මෙයත් සමග ඉතා වේගයෙන් දියුණු වූ ගිණුම්කරණය විශය අද වන විට විද්‍යුත් උපාංග මගින් ස්වයංක්‍රීයව ගිණුම් තැබීම දක්වා වර්ධනය වී ඇත.
ගිණුම්කරණය පිළිබද විවිධ ආයතන විසින් ඉදිරිපත් කර ඇති නිර්වචන
ගිණුම්කරණ තොරතුරු භාවිත කරන පාර්ශවයන්ට තීරණ ගැනීමට හා නිගමන වලට එළඹීමට හැකිවෙන පරිදි ආර්ථික තොරතුරු හදුනාගැනීමේත්,මැනීමේත්,සන්නිවේදනය කිරීමේත් ක්‍රියාවලිය ගිණුම්කරණය වේ.
[ඇමරිකානු ගිණුම්කරණ සංගමය]
යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් , මූල්‍ය ස්වරූපයක් ගන්නා ගණුදෙනු ,සිද්ධි සුවිශේෂ ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගනිමින් සටහන් කිරීමේ,වර්ග කිරීමේ,සාරාංශ කිරීමේ සහ එම ක්‍රියාවේ ප්‍රථීඑල විවරණය කිරීමේ කලාව ගිණුම්කරණය නම් වේ.
[ඇමරිකානු සහතික ලත් පොදු ගණකාධිකාර ආයතනය]
[ඇමරිකානු ගිණුම්කරණ සංගමය]
යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් , මූල්‍ය ස්වරූපයක් ගන්නා ගණුදෙනු ,සිද්ධි සුවිශේෂ ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගනිමින් සටහන් කිරීමේ,වර්ග කිරීමේ,සාරාංශ කිරීමේ සහ එම ක්‍රියාවේ ප්‍රථීඑල විවරණය කිරීමේ කලාව ගිණුම්කරණය නම් වේ.
[ඇමරිකානු සහතික ලත් පොදු ගණකාධිකාර ආයතනය]
පොදු නිර්වචනය
යම් නිශ්චිත ගිණුම්කරණ ඒකකයකට අදාළව කිසියම් නිශ්චිත ගිණුම් කාලපරිච්ඡේදයක් තුලදී සිදුවූ ගණුදෙනු හා සිද්ධීන් හෙවත් ගිණුම්කරණ යෙදවුම් වලට අදාල මූල්‍යමය තොරතුරු රැස්කිරීමත්,එසේ රැස් කරගත් මූල්‍යමය තොරතුරු නියමිත ගිණුම්කරණ මූලධර්ම හා ප්‍රමිතීන් වලට අනුකූලව වාර්තා කිරීමත්,වර්ග කිරීමත්,සාරාංශ කිරීමත්,ප්‍රථීල අර්ථකතනය හා විශ්ලේෂණය කිරීමත් සහ ප්‍රථීඑල සන්නිවේදනය කිරීමත් යන සමස්ථ ක්‍රියාවලිය ගිණුම්කරණය වේ.
ගිණුම්කරණයේ අවශ්‍යතා හා අරමුණු
1.ආර්ථික සම්පත් මනා ලෙස හැසිරවීම හා පාලනය කිරීම.
2.සම්පත් භාවිතය පිළිබද තීරණ ගැනීම.
3.ආර්ථික ක්‍රියාවලි පිළිබද ප්‍රථීඑල ඇගයිම.
4.නීතිමය අවශ්‍යතා සපුරා ගැනීම.
5.තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු සැපයීම.
2.සම්පත් භාවිතය පිළිබද තීරණ ගැනීම.
3.ආර්ථික ක්‍රියාවලි පිළිබද ප්‍රථීඑල ඇගයිම.
4.නීතිමය අවශ්‍යතා සපුරා ගැනීම.
5.තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු සැපයීම.
ගිණුම්කරණ ඒකකය
ගිණුම්කරණ කටයුතු සිදුකිරීම සදහා පදනම් කරගනු ලබන යම් නිශ්චිත පුද්ගලයෙක් ,ව්‍යාපාර ආයතනයක්,යම් සමාජ සංවිධානයක්,රාජ්‍ය ආයතනයක් හෝ රටක් ගිණුම්කරණ ඒකකයක් ලෙස සැලකිය හැකිය.
ගිණුම්කරණ කටයුතු සිදුකිරීම සදහා තෝරාගනුලබන ගිණුම්කරණ ඒකකයේ ස්වභාවය අනුව ගිණුම්කරණ ඒකකයන් පහත පරිදි වර්ග කල හැක.
ගිණුම්කරණ කටයුතු සිදුකිරීම සදහා තෝරාගනුලබන ගිණුම්කරණ ඒකකයේ ස්වභාවය අනුව ගිණුම්කරණ ඒකකයන් පහත පරිදි වර්ග කල හැක.
- පුද්ගල ගිණුම්කරණය, යම් කිසි පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම්කරණ කටයුතු සිදුකිරීම.
- ව්‍යාපාර ගිණුම්කරණය, පුද්ගලික අංශයේ ව්‍යාපාර ආයතනයක් වෙනුවෙන් සිදුකරනු ලබන ගිණුම් තැබීමේ කටයුතු.
- සමාජීය ගිණුම්කරණය, සමාජ සුභසාදන පරමාර්ථයෙන් කටයුතු කරන ක්‍රීඩා සමිති,මරණාධාර සමිති වැනි සමිති ව්‍යාපාර වෙනුවෙන් සිදුකරනු ලබන ගිණුම් තැබීමේ කටයුතු මෙයින් අදහස් වේ.
- රාජ්‍ය ගිණුම්කරණය, රාජ්‍ය ආයතනයකට අයත් යම් කිසි ආයතනයකට අදාළව එනම් රාජ්‍ය සංස්ථාවකට හෝ රාජ්‍ය දෙපාර්තුමේන්තුවකට අදාළව සිදුකරනු ලබන ගිණුම් තැබීමේ කටයුතු රාජ්‍ය ගිණුම්කරණය නම් වේ.
- ජාතික ගිණුම්කරණය, යම් කිසි රටකට නැති නම් යම් කිසි රාජ්‍යයකට අදාළව සිදුකරනු ලබන ගිණුම් තැබීමේ කටයුතු.
ගණුදෙනු හා සිද්ධි
ගණුදෙනු
ව්‍යාපාරයේ අභ්‍යන්තර කළමනාකරුවන් විසින් ගනු ලබන තීරණ මත සම්පත් වල සිදුවන වෙනස්වීම් ගණුදෙනු ලෙස හදුන්වයි.මෙය මුදල් මාධ්‍ය උපයෝගී කරගනිමින් සටහන් කර දක්වයි.
උදා:රු.15000 ට භාණ්ඩ අත්පිට විකිණීම.
රු.2000 ලී බඩු මිලට ගැනීම්.
උදා:රු.15000 ට භාණ්ඩ අත්පිට විකිණීම.
රු.2000 ලී බඩු මිලට ගැනීම්.
ගණුදෙනු වල ලක්ෂණ
- සම්පත් වෙනස් වීම.
- කළමනාකරණ තීරණයකි.
- අනුමත වී තිබීම.
සිද්ධි
ව්‍යාපාරයේ කළමණාකරුවන්ගේ තීරණයකින් පරිබාහිරව සිදුවන විවිධ වෙනස්කම් මත ව්‍යාපාරයේ සම්පත් වෙනස් වේ නම් එය සිද්ධියක් නම් වේ.මෙය ප්‍රධාන කොටස් 2කින් සමන්විත වේ.එනම්,
- අභ්‍යන්තර සිද්ධි
- බාහිර සිද්ධි
අභ්‍යන්තර සිද්ධි
ව්‍යාපාරය අභ්‍යන්තරයේ ඇති වූ කළමණාකරන තීරණයන්ගෙන් බැහැරව සිදුවූ සම්පත් වෙනස්වීම් වේ.
උදා:ව්‍යාපාර ගබඩාවේ ගින්නක් නිසා රු.30000 තොග හානි වීම.
උදා:ව්‍යාපාර ගබඩාවේ ගින්නක් නිසා රු.30000 තොග හානි වීම.
බාහිර සිද්ධි
ව්‍යාපරයෙන් පරිබාහිර පාර්ශවයන්ගේ මැදිහත්වීම මත ඇතිවන අභ්‍යන්තර සම්පත් වෙනස්වීම් මේ නමින් හදුන්වයි.
උදා:රජය විසින් - බදු අනුපාත ඉහළ දැමීම.
උදා:රජය විසින් - බදු අනුපාත ඉහළ දැමීම.
ගිණුම්කරණ කාර්යයන්
1.ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූල්‍යමය තොරතුරු රැස්කිරීම.
2.ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූල්‍යමය තොරතුරු වාර්ථා කිරීම.
3.ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූල්‍යමය තොරතුරු වර්ග කිරීම.
4.ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූල්‍යමය තොරතුරු සාරාංශ කිරීම.
5.ගණුදෙනු හා සිද්ධීන් වල ප්‍රථීඑල විශ්ලේශණය කිරීම හා අර්ථකතනය කිරීම.
6.ගණුදෙනු හා සිද්ධීන් වල ප්‍රථීඑල සන්නිවේදනය කිරීම.
2.ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූල්‍යමය තොරතුරු වාර්ථා කිරීම.
3.ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූල්‍යමය තොරතුරු වර්ග කිරීම.
4.ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූල්‍යමය තොරතුරු සාරාංශ කිරීම.
5.ගණුදෙනු හා සිද්ධීන් වල ප්‍රථීඑල විශ්ලේශණය කිරීම හා අර්ථකතනය කිරීම.
6.ගණුදෙනු හා සිද්ධීන් වල ප්‍රථීඑල සන්නිවේදනය කිරීම.
පොත් තැබීම.
ගිණුම්කරණයට අයත් වන කාර්යයන් වලින් එහි මූලික කාර්යය හෝ මූලික කර්යයන් කිහිපයක් පමණක් ඉටුකර දැක්වීම පොත් තැබීම නම් වේ.පොත් තැබීමේ කාර්යයෙහි නිරත වන තැනැත්තා පොත් තබන්නා වේ.
ගිණුම්කරණයට අයත් වන කාර්යයන් වලින් එහි මූලික කාර්යය හෝ මූලික කර්යයන් කිහිපයක් පමණක් ඉටුකර දැක්වීම පොත් තැබීම නම් වේ.පොත් තැබීමේ කාර්යයෙහි නිරත වන තැනැත්තා පොත් තබන්නා වේ.
පොත් තැබීම හා ගිණුම්කරනය අතර වෙනස
පොත් තැබීමේදී සිදුවන්නේ මූල්‍යමය ග්ණුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීමත්,ඒවා පොත් වල වාර්තා කිරීමත් සහ ඒවාට අදාළ මූලික වර්ග කිරීමත් පමණි.නමුත් ගිණුම්කරණයේදී ගිණුම්කරණයේ සියලුම මූලික කාර්යයන් ඉටුවේ.මේ අනුව සලකා බලන විට ගිණුම්කරණය යනු පුලුල් ක්‍රියාවලියක් බව පෙනී යයි.
පොත් තැබීම හා ගිණුම්කරනය අතර සම්බන්ධතාවය
ගිණුම්කරණයට අයත් වන කාර්යයන්ගෙන් ගිණුම්කරණයේ ප්‍රාථමික කාර්යයන් කිහිපය පොත් තැබීම මගින් සිදුකරන නිසාවෙන් පොත් තැබීම හා ගිණුම්කරණය අතර එකිනෙකට බැදුනු අන්නෝන්‍යය සම්බන්ධතාවයක් පවතින බව ප්‍රකාශ කළ හැකිය.
ගිණුම්කරණයේ වැදගත්කම්/ප්‍රයෝජන
1.විවිධ ව්‍යාපාරික තීරණ ගැනීමට ගිණුම්කරණය වැදගත්වීම.
2.ව්‍යාපාරයක අරමුණු ඉටුවී ඇත්ද යන්න දැනගැනීමට ගිණුම්කරණය වැදගත්වීම.
3.පාලන මාධ්‍යයක් වශයෙන් ගිණුම්කරණය වැදගත් වීම.
4.සමාජ සංසිද්ධියක් වශයෙන් ගිණුම්කරණ වැදගත් වීම.
ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
හැඳින්වීම
විවිධ හේතු නිසා ව්‍යාපාරවල ගනුදෙනු නිවැරදි ව පොත්වල වාර්තා නොවීමට ඉඩ තිබේ. මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීම, ලෙජරයට පිටපත් කිරීම, ශේෂ පිරික්සුම සකස් කිරීම යනාදි අවස්ථාවල වැරදි සිදු වුවහොත් යම් කාලච්ඡේදයක් සඳහා එම ව්‍යාපාරයේ ප්‍රතිඵලය මෙන්ම යම් දිනකට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ව සත්‍ය තොරතුරු හෙළිදරව් නොවනු ඇත. එම නිසා ගිණුම්කරණයේ දී වැරදි සිදු වී ඇත්දැයි සොය බලා ඒවා නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. වැරදි තොරතුරු මත ගන්නා තීරණ ව්‍යාපාරයේ දිගු කාලීන පැවැත්මට බාධාවක් වනු ඇත
ගනුදෙනු නිවැරදි ව සටහන් කිරිමේ අවශ්‍යතාව
ව්‍යාපාරවල ගිණුම්කරණ පද්ධතිය මගින් එම ව්‍යාපාරයේ අනෙකුත් කටයුතු කෙරේ මහඟු බලපෑමක් සිදු කෙරේ. එ මගින් සැපයෙන තොරතුරු අභ්‍යන්තර පාර්ශ්වයට කළමනාකරණ තීරණ ගැනීමට උපකාර වන අතර, බාහිර පාර්ශ්වයට ද ව්‍යාපාරය පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත. එම නිසා ව්‍යාපාරයේ ගිණුම්කරණ කි්‍රයාවලිය තුළින් නිවැරදි තොරතුරු හෙළිදරව් නොවීමෙන් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු විය හැකි ය. එබැවින් ඕනෑම ව්‍යාපාරයක් සිය ගිණුම් පද්ධතිය තුළ වැරදි ඇති වීම වලක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සැලකිළිමත් වීම වැදගත් වේ. ගනුදෙනු පොත්වල සටහන් කරන විට විවිධ හේතූන් නිසා විවිධ අවස්ථාවල දී විවිධ ආකාරයේ වැරදි සිදු වීමට ඉඩ තිබේ. නමුත් ගිණුම්කරණ කි්‍රයාවලිය පිළිබඳ ව වරින් වර සොයා බැලීම තුළින් වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කර ගත හැකි වේ.
ද ව්‍යාපාරයක් සතු ව පවත්නා සම්පත් විවිධ ස්වරූපයෙන් පවතී. ඒවා නිසි ලෙස ව්‍යාපාර කටයුතු සඳහා යොමු කිරීම, පාලනය කිරීම මෙන් ම භාවිත කිරීම පිළිබඳ තීරණ ගැනීම සඳහා පහසුවනු ඇත.
ද යම් කාල පරිච්ඡේදයක් තුළ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල, එනම් ලාභාලාභ පිළිබඳ ව දැන ගැනීමටත් හැකියාව ලැබේ.
ද යම් දිනකට ව්‍යාපාරය සතු වත්කම්, වගකීම් සහ අයිතිකරුවන්ගේ හිමිකාරත්වයේ වටිනාකම කොපමණ දැයි දැන ගත හැකි ය.
ද ගිණුම්කරණ තොරතුරු භාවිත කරන විවිධ පාර්ශ්වයන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා ද ප්‍රයෝජනවත් වේ.
උදා - ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා
¤ සමාගම් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කිරීම සඳහා
¤ කොටස් හිමියන්ට ඉදිරිපත් කිරීම සඳහා
මේ අයුරින් ව්‍යාපාරයක් සතු සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිත කර ගැනීම සඳහා ගනුදෙනු පොත්වල සටහන් කිරීම ඵලදායක වන්නේ එම ක්‍රිරයාවලිය නිවැරදි ව සිදු වන්නේ නම් පමණයි නමුත් ගිණුම්කරණයේ දී වැරදි සිදු වීමට ඉඩ කඩ තිබේ. එසේ වන්නේ ගිණුම්කරණ ක්‍රිරයාවලිය තුළ විවිධ හේතූන් නිසා මුළුමනින් ම නිරවද්‍යතාව රඳවා ගැනීමට අපහසු වන හෙයිනි.
ද ව්‍යාපාරයක් සතු ව පවත්නා සම්පත් විවිධ ස්වරූපයෙන් පවතී. ඒවා නිසි ලෙස ව්‍යාපාර කටයුතු සඳහා යොමු කිරීම, පාලනය කිරීම මෙන් ම භාවිත කිරීම පිළිබඳ තීරණ ගැනීම සඳහා පහසුවනු ඇත.
ද යම් කාල පරිච්ඡේදයක් තුළ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල, එනම් ලාභාලාභ පිළිබඳ ව දැන ගැනීමටත් හැකියාව ලැබේ.
ද යම් දිනකට ව්‍යාපාරය සතු වත්කම්, වගකීම් සහ අයිතිකරුවන්ගේ හිමිකාරත්වයේ වටිනාකම කොපමණ දැයි දැන ගත හැකි ය.
ද ගිණුම්කරණ තොරතුරු භාවිත කරන විවිධ පාර්ශ්වයන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා ද ප්‍රයෝජනවත් වේ.
උදා - ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා
¤ සමාගම් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කිරීම සඳහා
¤ කොටස් හිමියන්ට ඉදිරිපත් කිරීම සඳහා
මේ අයුරින් ව්‍යාපාරයක් සතු සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිත කර ගැනීම සඳහා ගනුදෙනු පොත්වල සටහන් කිරීම ඵලදායක වන්නේ එම ක්‍රිරයාවලිය නිවැරදි ව සිදු වන්නේ නම් පමණයි නමුත් ගිණුම්කරණයේ දී වැරදි සිදු වීමට ඉඩ කඩ තිබේ. එසේ වන්නේ ගිණුම්කරණ ක්‍රිරයාවලිය තුළ විවිධ හේතූන් නිසා මුළුමනින් ම නිරවද්‍යතාව රඳවා ගැනීමට අපහසු වන හෙයිනි.
ගිණුම්කරණ වැරදි සිදුවීමට බලපාන හේතු
ව්‍යාපාර ආයතනවල එකිනෙකට වෙනස් ආකාරයේ ගනුදෙනු විශාල සංඛ්‍යාවක් දෛනික ව සිදු වේ. එවැනි ගනුදෙනු විශාල සංඛ්‍යාවක් සිදු වන ව්‍යාපාරවල ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීමේ දී එම කටයුතු මුළුමනින් ම නිවැරදි ව සිදු වන අවස්ථාවිරල ය. පහත සඳහන් හේතු නිසා ගිණුම්කරණ කටයුතුවල දී වැරදි සිදු වීමට ඉඩ තිබේ.
1. ගිණුම්කරණ කටයුතුවල යෙදීමේ දී
නිදසුන -
¤ ගනුදෙනු සටහන් කරන්නාට ගිණුම්කරණ ක්‍රිරයාවලිය පිළිබඳ අවබෝධය නොමැතිකම. (ද්විත්ව සටහන් ක්‍රමය පිළිබඳ ව)
¤ නොසැලකිළිමත් භාවය
¤ අමතක වීම සහ මඟ හැරීම්
¤ නොසැලකිළිමත් භාවය
¤ අමතක වීම සහ මඟ හැරීම්
2. වංචනික කටයුතු සිදු කිරීමේ අදහසින් සටහන් වෙනස් කිරිම.
ගිණුම්කරණ වැරදි සිදු වන අවස්ථා
• ගිණුම්කරණයේ ආරම්භක අවස්ථාව වන මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීමේ දී,
නිදසුන් -
¤ රු. 17,000ක ගැනුම් ඉන්වොයිසියක් ගැනුම් ජ නලයේ සටහන් නොවීම.
¤ රු. 4,500ක විදුලිය වියදම් ගෙවීම මුදල් පොතේ සටහන් නොවීම.
• මූලික පොත්වල තැබූ සටහන් ලෙජරයට පිටපත් කිරීමේ දී,
නිදසුන්
¤ ආපසු යැවුම් ජ නලයේ එකතුව රු.6,500 ආපසු යැවුම් ගිණුමට රු.5,600ක් ලෙස පිටපත් කිරීම.
¤ රු. 2,100ක ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම ලිපි ද්‍රව්‍ය ගිණුමට පිටපත් නොකිරීම.
• ලෙජර ගිණුම් තුලනය කිරීමේ දී
• තුලනය කරන ලද ගිණුම්වල ශේෂයන් ඇසුරෙන් ශේෂ පිරික්සුම සකස් කිරීමේ දී
• තුලනය කරන ලද ගිණුම්වල ශේෂයන් ඇසුරෙන් ශේෂ පිරික්සුම සකස් කිරීමේ දී
ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම සඳහා භාවිත කළ යුතු වන්නේ පොදු ජ නලය යි. ද්විත්ව සටහන් ක්‍රමය පදනම් කර ගනිමින් පොදු ජ නලයේ සටහන් තබා ඉන් පසු අදාළ ගිණුම්වලට පිටපත් කිරීම අවශ්‍ය වේ.
ගිණුම්කරණ වැරදි හඳුනා ගැනීම
ව්‍යාපාරයක ලෙජර ගිණුම්වල ද්විත්ව සටහන් ක්‍රමය අනුගමනය කරමින් ගනුදෙනු සටහන කරන බැවින්, සකස් කරනු ලබන ශේෂ පිරික්සුමේ හර සහ බැර ශේෂවල එකතුව සමාන විය යුතු ය. ශේෂ පිරික්සුමේ හර සහ බැර ශේෂවල එකතුව සමාන නොවූ විට ගිණුම් තැබීමේ දෝෂ පවතින බව පැහැදිලි ය. නමුත් හර සහ බැර ශේෂවල එකතු සම වුව ද ගිණුම්කරණ දෝෂ තිබීමට පුළුවන. මේ අනුව වැරදි නිවැරදි කිරීම සඳහා පළමුව පහත දැක්වෙන අයුරින් වැරදි හඳුනා ගැනීම අවශ්‍යවනු ඇත.
1. ශේෂ පිරික්සුමේ ඓක්‍යය අතර වෙනසක් ඇති නොකරන වැරදි
මේවා ශේෂ පිරික්සුමක් මගින් හෙළිදරව් නොවන වැරදි ලෙස ද හඳුන්වයි. එනම් මෙම වැරදි තිබුණ ද ශේෂ පිරික්සුමේ හර හා බැර ශේෂයන්ගේ ඓක්‍යය සමාන වන නිසාය.
-ගනුදෙනුව ගිණුම් පොත්වල සම්පූර්ණයෙන් ම සටහන් නොවීම
යම් ගනුදෙනුවක ද්විත්ව සටහන ගිණුම් පොත්වල සටහන් නොවීම නිසා සිදු වන වැරදි මින් අදහස් කෙරේ. මේවා අත්හැරීම් දෝෂ ලෙසද හඳුන්වයි. මෙවැනි වැරදි තිබුණ ද ශේෂ පිරික්සුමේ තුලනය වීමට බාධාවක් නොවේ. මෙවැනි වැරදි නිවැරදි කිරිම සඳහා ගනුදෙනුවට අදාළ ද්විත්ව සටහන යොදාගත යුතු වේ
-ගනුදෙනුවක නියමිත වටිනාකම අඩුවෙන් හෝ වැඩියෙන් ගිණුම් දෙකේ ම සටහන් වීම.
විවිධ හේතු නිසා ගනුදෙනුවේ නියමිත වටිනාකම අඩුවෙන් හෝ වැඩියෙන් ගිණුම්වල සටහන් වීම සිදු විය හැකි ය. මෙසේ ගනුදෙනුවකට අදාළ වටිනාකම ගිණුම් දෙකේ ම සමාන වටිනාකම්වලින් අඩුවෙන් හෝ වැඩියෙන් සටහන් වුවහොත් එය ශේෂ පිරික්සුම තුලනය වීමට බාධාවක් නොවේ.
-එකම ගනුදෙනුව ඇතැම් විට ගිණුම් පොත්වල දෙවරක් සටහන් විය හැකි ය
මෙවැනි වැරදි නිවැරදි කිරිමේ දී අදාළ ගිණුම්වල සටහන් තබා ඇති පැත්තේ නොව විරුද්ධ පැත්තේ ඇතුළත් කිරීමෙන් සටහන් දෙකෙන් එකක් ඉවත්වනු ඇත.
-මූල ධර්ම දෝෂ
පිළිගත් ගිණුම්කරණ මූල ධර්මවලට පටහැනිව ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරිම මගින් ඇති වන දෝෂ මූලධර්ම දෝෂ නම් වේ. එහෙත් ඒවා නියමිත වටිනාකමට අනුව ද්විත්ව සටහන් තැබිම නිසා ශේෂ පිරික්සුම තුලනය වීම කෙරෙහි බලපෑමක් ඇති නො කරයි.
-හිලව් දෝෂ
ඇතැම් අවස්ථාවල දී එක් ලෙජර ගිණුමක වටිනාකම වැරදි අයුරින් සටහන් ව තිබීම තවත් ලෙජර ගිණුමක හෝ ගිණුම් කිහිපයක වටිනාකම වැරදි ලෙස සටහන් වීම තුළින් මඟ හැරීයයි. එම නිසා ශේෂ පිරික්සුමේ හර පැත්තේ එකතුව බැර පැත්තේ එකතුවට සමාන වන හෙයින් මෙවැනි වැරදි සෘජු ව ම ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවේ
2. ශේෂ පිරික්සුමේ ඓක්‍යය අතර වෙනසක් ඇති කරන ගිණුම්කරණ වැරදි
ගිණුම්කරණ ක්‍රිරයාවලියේ දී සමහර වැරදි සිදු වුවත් ඒවා නිසා ශේෂ පිරික්සුමේ හර සහ බැර තීරුවල ඓක්‍යය අතර වෙනසක් ඇති නොවන බව මේ වන විට ඔබ අවබෝධ කර ගෙන සිටී. නමුත් ගනුදෙනු සටහන් කිරිමේ දී සිදුවන ඇතැම් වැරදි නිසා ශේෂ පිරික්සුමේ ඓක්‍යය අතර වෙනස්කම් දක්නට ලැබේ. එම නිසා මෙම වැරදි ශේෂ පිරික්සුමක් මඟින් හෙළිදරව් වන වැරදි වශයෙන් හඳුනාගනී.
- ශේෂ පිරික්සුමේ හර සහ බැර තීරු දෙකේ ඓක්‍යය අතර වෙනස සොයා ගැනීම.
- එම වෙනස ඇති වීමට හේතු අවිනිශ්චිත බැවින් එම අඩු වටිනාකම පෙන්නුම් කරන සංඛ්‍යාව ඉදිරියෙන් අවිනිශ්චිත ගිණුම යැයි සඳහන් කොට ශේෂ පිරික්සුම තාවකාලික ව සමාන කිරීම.
- අසමාන වීමට හේතු සොයන්න.
- එසේ සොයා ගත් වැරදි පොදු ජ නලයේ ද්විත්ව සටහන් තැබීම මගින් නිවැරදි කිරීම.
- එම වෙනස ඇති වීමට හේතු අවිනිශ්චිත බැවින් එම අඩු වටිනාකම පෙන්නුම් කරන සංඛ්‍යාව ඉදිරියෙන් අවිනිශ්චිත ගිණුම යැයි සඳහන් කොට ශේෂ පිරික්සුම තාවකාලික ව සමාන කිරීම.
- අසමාන වීමට හේතු සොයන්න.
- එසේ සොයා ගත් වැරදි පොදු ජ නලයේ ද්විත්ව සටහන් තැබීම මගින් නිවැරදි කිරීම.
අවිනිශ්චිත ගිණුම
ශේෂ පිරික්සුමේ ඓක්‍යයන් සම නොවු විට ඊට හේතු වු වැරදි සොයා ඒවා නිවැරදි කරනතෙක් ඓක්‍යය අතර වෙනස ඇතුළත් කරන තාවකාලික ගිණුම අවිනිශ්චිත ගිණුම යනුවෙන් හඳුන්වනු ලැබේ. එමෙන් ම ගනුදෙනුවල සත්‍ය තත්ත්වය පිළිබඳ ව නිශ්චිත අවබෝධයක් නොමැති අවස්ථාවක එවැනි ගනුදෙනු සටහන් කිරිමට ද අවිනිශ්චිත ගිණුම යොදා ගනි. මෙම වැරදි නිවැරදි කිරීමෙන් පසුව අවිනිශ්චිත ගිණුම පොත්වලින් ඉවත වේ
ශේෂ පිරික්සුමෙන් හෙළිදරව් වන වැරදි නිවැරදි කිරිම සඳහා යොදා ගන්නා ද්විත්ව සටහනෙන් එක් සටහනක් අවිනිශ්චිත ගිණුමේ ඇතුළත් කෙරෙන බව වටහා ගැනිම වැදගත් වේ.
ශේෂ පිරික්සුමෙන් හෙළිදරව් වන වැරදි නිවැරදි කිරිම සඳහා යොදා ගන්නා ද්විත්ව සටහනෙන් එක් සටහනක් අවිනිශ්චිත ගිණුමේ ඇතුළත් කෙරෙන බව වටහා ගැනිම වැදගත් වේ.
- ගනුදෙනුවක ද්විත්ව සටහනෙන් එක් සටහනක් පමණක් ගිණුම් පොත්වල සටහන් කර අනිත් සටහන මඟ හැරි තිබීම.
- ගනුදෙනුවක ද්විත්ව සටහනෙන් එක් සටහනක් අදාළ ගිණුමේ නිවැරදිව සටහන් කර අනෙක් සටහන සඳහා වැරදි සංඛ්‍යාවක් අදාළ ගිණුමට පිටපත් කර තිබිම.
- ගනුදෙනුවක ද්විත්ව සටහන අදාළ ගිණුම්වල එකම පැත්තේ සටහන් කර තිබිම. - මෙවැනි වරදක් නිසා අදාළ පැත්තේ සටහන් නොවීම සහ වැරදි පැත්තේ සටහන් වීම හේතුවෙන් වැරදි දෙකක් ම සිදු වී ඇත. එම නිසා වැරදි වටිනාකම මෙන් දෙගුණයකින් ශේෂ පිරික්සුමේ ඓක්‍යය වෙනස් වේ.
- මූලික පොත්වල හෝ ලෙජර ගිණුම්වල හෝ අයිතමයන් එකතු කිරිමේ දී, තුලනය කිරිමේ දී, ශේෂය ඉදිරි පිටුවට ගෙනයාමේ දී සිදු වන වැරදි
- ශේෂ පිරික්සුම පිළියෙල කිරිමේ දී සිදු වන වැරදි
ගිණුම්කරණ ක්‍රිරයාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන ශේෂ පිරික්සුම පිළියෙල කිරිමේ දී ද වැරදි සිදු වීමට ඉඩ තිබේ. එසේ සිදු වන වැරදි කිහිපයක් පළමුව සොයා බලමු.
- අදාළ ගිණුම් ශේෂයන් ශේෂ පිරික්සුමට උපුටා නොගැනීම.
- නියමිත වටිනාකම වෙනුවට වැරදි වටිනාකමක් උපුටා ගැනීම.
- ශේෂයන්, ශේෂ පිරික්සුමේ වැරදි පැත්තෙහි සටහන් කිරීම.
- නියමිත වටිනාකම වෙනුවට වැරදි වටිනාකමක් උපුටා ගැනීම.
- ශේෂයන්, ශේෂ පිරික්සුමේ වැරදි පැත්තෙහි සටහන් කිරීම.
මෙවැනි වැරදි පිළිබඳ ව ඔබ විශේෂ අවධානයක් යොමු කිරිම අවශ්‍ය වේ. මෙම වැරදි නිසා බලපෑමක් ඇති වන ස්ථානය කෙරේ විමසිලිමත් වන්න. මෙහි දී සිදු ව ඇත්තේ ශේෂ පිරික්සුමට උපුටා ගැනීමේ දි වරදක් සිදු වීම පමණක් බව සිහිපත් කර ගන්න. ගිණුම්වල කිසිදු වරදක් සිදු ව නැත. එම නිසා මෙවැනි වැරදි නිවැරදි කිරිමේ දී ගිණුම්වල සටහන් තැබීම අවශ්‍ය නොවන බව සිතන්න. මෙවැනි වැරදි නිසා ශේෂ පිරික්සුමේ ඓක්‍ය අතර වෙනසක් ඇති වේ. එම වෙනස වෙනුවෙන් අවිනිශ්චිත ගිණුමක් විවෘත කර තිබේ. එසේ නම් වැරදි නිවැරදි කිරිමේ දී සිදු විය යුත්තේ විවෘත කළ අවිනිශ්චිත ගිණුම ඉවත් කිරීම පමණක් බවයි
ශේෂ පිරික්සුමට පිටපත් කිරිමේ දී සිදුවන වැරදි නිවැරදි කිරිම සඳහා අවිනිශ්චිත ගිණුමේ පමණක් සටහන් තබනු ලැබේ.
මූලික පොත්
මූලික පොත්
හැඳින්වීම
ව්‍යාපාරයක් ආරම්භ කොට පවත්වා ගෙන යාමේ දී විවිධ ස්වරූපයේ ගනුදෙනු සිදු වේ. එම ගනුදෙනු අත්පිට මුදලට මෙන් ම ණයට ද සිදු වේ. මෙසේ සිදු වන ගනුදෙනු ව්‍යාපාරයේ විවිධ මෙහෙයුම් ක්‍රිරයාකාරකම් හා සම්බන්ධ වේ. මෙසේ සිදු වන සෑම ගනුදෙනුවක් ම ඊට අදාළ වු මූලාශ්‍ර ලිපියක් සම්බන්ධ කර ගනිමින් සියලූ තොරතුරු ඇතුළත් කොට මූල සටහනක් තබා ගනු ඇත. මෙහි දී එක ම ස්වරූපයේ ගනුදෙනු ඊට අදාළ මූලාශ්‍ර ලේඛනයක් පදනම් කර ගනිමින් සටහ තබන පොත් මූලික පොත් නමින් හැඳින්වේ. මේ අනුව ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රිරයාකාරීත්වයේ දී නැවත විකිණීම පිණිස භාණ්ඩ ණයට ගැනීම, ඒවා ණයට විකිණීම ආදී කටයුතු සිදු වේ. එමෙන්ම එසේ ණයට ගත් භාණ්ඩ ආපසු යැවීම මෙන් ම ණයට විකුණූ භාණ්ඩ ආපසු එවීම ද සිදු විය හැකි ය. එසේ ම භාණ්ඩ අත්පිට මුදලට ගැනීම මෙන්ම විකිණීම ද සිදු වේ. එමෙන් ම දෛනික ව සිදු වන වටිනාකමින් අඩු ගෙවීම් පිළ යුතු වේ. මේ අනුව මෙම පරිච්ඡේදය මගින් ව්‍යාපාරයක් විසින් නඩත්තු කරනු ලබන මූලික පොත් පිළිබඳ ව සාකච්ඡා කෙරේ.
වෙළෙඳ වට්ටම්
භාණ්ඩයක ලකුණු කළ විකුණුම් මිලෙන් අඩු කරනු ලබන අගය වෙළෙඳ වට්ටම් වේ.
මුදල් වට්ටම්
ණය ගැතියන් විසින් ඔවුනට වට්ටමක් ලබා දීම සඳහා ඉඩ දුන් ණය කාල සීමාව අවසන් වීමට පෙර මුදල් ලබාදීමේදීත්, ණය හිමියන් විසින් වට්ටමක් ලබා දීම සඳහා එකඟ වූ ණය කාල සීමාව අවසන් වීමට පෙර මුදල් ගෙවීමේදීත් අඩු කරනු ලබන අගය මුදල් වට්ටම් වේ. මෙය ණය මුදල් ඉක්මනින් ලබා ගැනීම සඳහා කරනු ලබන පෙළඹවීමකි. වට්ටම් දීම හා ලැබීම එකඟ වු කොන්දේසි මත සිදු ව මුදල් වට්ටම් ප්‍රභේද දෙකකි.
- දුන් වට්ටම් - ණය ගැතියන් වට්ටම් කාල සීමාව තුළ මුදල් ගෙවීමේ දී ඔවුනටලබාදෙන වට්ටම් වේ. මෙය ව්‍යාපාරයට වියදමකි.
- ලැබූ වට්ටම් - ණය හිමියන්ට වට්ටම් කාල සීමාව තුළ මුදල් ගෙවීමේ දී ඔවුන් ලබා දෙන වට්ටම් වේ. මේවා ව්‍යාපාරයට ආදායමකි.
ත්‍රිත්ව තීරු මුදල් පොත
ව්‍යාපාරයක් ආරම්භ කොට පවත්වා ගෙන යාමේ දී විවිධ ස්වරූපයේ ගනුදෙනු සිදු වේ. මේවායින් මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණක් පොත්වල සටහන් කරනු ලබන බව ඔබ දැනටමත් දන්නා කරුණකි. ව්‍යාපාරයක් විසින් මුදලින් කරනු ලබන ගෙවීම් සහ ව්‍යාපාරයට මුදලින් කෙරෙන ලැබීම් සටහන් කෙරන පොත, මුදල් පොත නම් වේ. ව්‍යාපාරික ගනුදෙනු සටහන් කරන අනෙකුත් මූලික පොත් මෙන් නොව මුදල් පොත එක විට කාර්යයන් දෙකක් ඉටු කරයි. එනම් මූලික සටහන් පොතක් ලෙස හා ලෙජර ගිණුමක් ලෙස කටයුතු කිරීමයි. ව්‍යාපාරයක් සිදු කරන ගනුදෙනු සඳහා ව්‍යාපාරයේ ඇති මුදල් මෙන් ම බැංකුවේ ජංගම ගිණුමේ ඇති මුදල් ද සම්බන්ධ වේ. මෙහි දී ව්‍යාපාරයේ බැංකු ගිණුම තුළින් සිදු කරනු ලබන ගනුදෙනු සටහන් කිරීම සඳහා අතිරේක තීරුවක් සහිත ව මුදල් පොත පිළියෙල කිරීමයි. ගනුදෙනු වාර්තා කිරීමේ දී මුදල් පොතට තවත් අතිරේක තීරුවක් සම්බන්ධ කර ගනු ලබන්නේ කෙසේ දරෑ ඒ අනුව වටිනාකම් තීරු තුනක් සහිත ව පිළියෙල කරනු ලබන මුදල් පොත —ත්‍රිත්ව තීරු මුදල් පොත˜ යනුවෙන් හැඳින්වේ. ව්‍යාපාරයක් විසින් පවත්වාගෙන යන ත්‍රත්ව තීරු මුදල් පොතේ වටිනාකම දැක්වීම සඳහා ද්විත්ව තීරු මුදල් පොතෙහි දැක්වු මුදල් හා බැංකු තීරුවලට අමතර ව වට්ටම් තීරු පවත්වාගෙන යනු ලැබේ.
සුළු මුදල් පොත
ව්‍යාපාරයක මුදලින් කරනු ලබන ගෙවීම්වලට අදාළ ගනුදෙනුවල වටිනාකම් සුළු අගයන්ගේ සිට විශාල අගයන් දක්වා විහිදේ.
මෙහි දී ව්‍යාපාරයේ සුළු වටිනාකම් සහිත ගනුදෙනු නිතර නිතර සිදු වේ නම් එය ප්‍රධාන මුදල් පොතේ සටහන් කරමින් පවත්වා ගෙන යාම ප්‍රායෝගික ව අපහසු වනු ඇත. එසේ ම අනවශ්‍ය පරිදි මුදල් පොත සංකීර්ණ වීමට ද හේතුවක් වනු ඇත. එබැවින් ව්‍යාපාරයේ අවශ්‍යතාව මත සුළු මුදල් පොතක් ආරම්භ කොට පවත්වාගෙන යා හැකි ය. සුළු මුදල් පොත ද මූලික සටහන් පොතකි. ව්‍යාපාරයක නිතර නිතර සිදු වන සුළු වටිනාකම් සහිත මුදල් ගෙවීම් පිළිබඳ ගනුදෙනු සටහන් කරනු ලබන මූලික පොත - සුළු මුදල් පොත නම් වේ. සුළු මුදල් ගෙවීම් සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය සුළු මුදල් ගෙවීම් වවුචරය වේ. සුළු මුදල් පොත පවත්වාගෙන යනු ලබන්නේ සුළු මුදල් භාරකරු විසිනි. සුළු මුදල් අග්‍රිම ක්‍රමය සුළු මුදල් ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාර සාමාන්‍යයෙන් යොදා ගන්නේ සුළු මුදල් අග්‍රිම ක්‍රමයයි. නියමිත කාලච්ඡේදයක් තුළ සුළු වියදම් සඳහා යොදාගැනීම පිණිස නිශ්චිත මුදල් ප්‍රමාණයක් (සුළු මුදල් අග්‍රිමය) එම කාලච්ඡේදය ආරම්භවීමේදී ප්‍රධාන මුදල් භාරකරුගෙන් සුළු මුදල් භාරකරුට ලැබීමත්, සුළු මුදල් භාරකරු එම කාලච්ඡේදය තුළ දී වියදම් කර ඇති මුදලට සමාන මුදලක් ප්‍රධාන මුදල් භාරකරු ඒ කාලච්ඡේදය අවසානයේ දී ප්‍රතිපූරණය කිරීමත් මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රමයකි. ව්‍යාපාරයේ ස්වභාවය, ප්‍රමාණය ආදි කරුණු අනුව සුළු මුදල් අග්‍රිමය ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වේ. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම ව්‍යාපාරයේ මුදලින් කළ සුළු ගෙවීම් සනාථ කිරීමට සුළු මුදල් ගෙවීම් වවුචර ඉදිරිපත් කළ යුතු ය. ඒ අනුව නිශ්චිත කාල සීමාව තුළ දී මුදලින් කළ සුළු ගෙවීම්වලට අදාළ වවුචර පත් ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කිරීමෙන් පසු වියදම් වූ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් සුළු මුදල් භාරකරු ලබා ගැනීම සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම නම් වේ. අග්‍රිමය ප්‍රතිපූරණය කිරීමේ දී එම වටිනාකම ප්‍රධාන මුදල් පොත බැර කර සුළු මුදල් පොත හර කරනු ලැබේ.
ගැනුම් ජ නලය
ව්‍යාපාරයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගත් භාණ්ඩ සම්බන්ධ තොරතුරු සටහන් කරන මූලික පොත - ගැනුම් ජ නලය වේ. මේ අනුව ව්‍යාපාරයක ණයට ගනු ලබන සියලූ ම දේ ගැනුම් ජ නලයේ සටහන් නොවන බව ඔබට වැටහෙනු ඇත. ව්‍යාපාරයක සිදු වන සෑම ගනුදෙනුවක් ම මූලික පොතක සටහන් කිරීමට මූලාශ්‍ර ලේඛනයක් අවශ්‍ය වේ. එසේ ම ගැනුම් ජ‘නලයේ ගනුදෙනු සටහන් කිරීමට ද එවැනි පිළිගත් මූලාශ්‍ර ලේඛනයක් අවශ්‍ය වේ.
- ඉන්වොයිසිය
විකුණුම් ජ නලය
නැවත විකිණීමේ අරමුණින් මිලට ගත් භාණ්ඩ ණයට විකිණීමේ දී ඊට අදාළ ගනුදෙනු සටහන් කරන මූලික පොත - විකුණුම් ජ නලය වේ. මේ අනුව ව්‍යාපාරයක සිදු වන සියලූ ණයට විකුණුම් පිළිබඳ තොරතුරු විකුණුම් ජ නලයේ සටහන් නොවන බව ඔබට අවබෝධ වනු ඇත. ව්‍යාපාරයක් තම විකුණුම් ජ නලයේ ගනුදෙනු සටහන් කිරීම පිණිස විකුණුම් ඉන්වොයිසිය මූලාශ්‍ර ලේඛනය ලෙස භාවිත කරයි. බැර පත ආපසු එවුම් ජ‘නලයේ ගනුදෙනු සටහන් කිරීම පිණිස භාවිත කරනු ලබන මූලික ලේඛනය බැර පත වේ. ව්‍යාපාරයක් භාණ්ඩ ණයට විකිණීම නිසා ණය ගැතියන් ඇති වන අතර ඔවුන් නැවත භාණ්ඩ ආපසු එවීම නිසා ව්‍යාපාරයේ ණයගැති වත්කම අඩු වේ. වත්කම් ගිණුමක් අඩු කිරීමට එම ගිණුම බැර කරනු ලබන නිසා ඒ බව ණය ගැතියාට දැනුම් දීමට එනම් ඔබගේ නමින් අපගේ පොත්වල පවත්වා ගෙන යන ගිණුම බැර කරන ලදී˜ යනුවෙන් දැන්වීම පිණිස භාවිත කරන හෙයින් එය බැර පත නමින් හැඳින්වේ.
ආපසු එවුම් ජ නලය
ආපසු එවුම් ජ නලයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම. ආපසු එවුම් ජ නලයේ ගනුදෙනු ද්විත්ව සටහන් න්‍යාය පදනම් කර ගනිමින් පහත සඳහන් පරිදි ලෙජරයේ පිට පත් කෙරේ. ද බැර පතෙහි සඳහන් දිනයන්හි දී භාණ්ඩ ආපසු එවූ ගැනුම් කරුවන්ගේ (ණයගැතියෝ) ගිණුම් බැර කිරීම. (ව්‍යාපාරයක වත්කමක් අඩු කිරීමට එම වත්කම් ගිණුම බැර කෙරේ.) ද අදාළ මස අවසානයේ දී ආපසු එවුම් ජ නලයේ මුළු වටිනාකම ආපසු එවුම් ගිණුමට හර කිරීම. විශ්ලේෂණ තීරු ව්‍යාපාරයක විවිධ ස්වරූපයේ සුළු වියදම් ඇති වේ. මෙම ගනුදෙනු ව්‍යාපාරය සකස් කරන සුළු මුදල් පොතේ විශ්ලේෂණ තීරුවලට සුදුසු පරිදි ඇතුළත් කිරීම ප්‍රායෝගික ව සිදු කෙරේ. මෙම විශ්ලේෂණ තීරු තීරණය කරනුයේ වියදම් වර්ගයකට අනුව වේ. මේ අනුව සුළු මුදල් පොතේ විශ්ලේෂණ තීරු තීරණය කිරීමේ දී සහ එහි ගනුදෙනු සටහන් කිරීමේ දී පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ සමාන වර්ගයේ වියදම් හඳුනාගෙන ඒවා අදාළ විශ්ලේෂණ තීරුවලට ඇතුළත් කිරීම. නිදසුන් - මුද්දර ගාස්තු, ලිපි ලියාපදිංචි කිරීමේ වියදම්, විදුලි පුවත් යැවීමේ ගාස්තු යනාදිය තැපැල් වියදම් නමින් වු විශ්ලේෂණ තීරුවට ඇතුළත් කිරීම. එසේ විශ්ලේෂණ තීරුවකට ඇතුළත් කළ නොහැකි එකිනෙකට වෙනස් ස්වරූපයේ වියදම් ගෙවීම් ඇති විට ඒවා විවිධ නමැති විශ්ලේෂණ තීරුවකට ඇතුළත් කිරීම. ඒ පුද්ගලයන්ට හෝ ආයතනවලට ගෙවීම්, ගෙන ඒමේ කුලී හා පැටවුම් ගාස්තු, සුළු වටිනාකම් සහිත වත්කම් මිල දී ගැනීම සඳහා ගෙවීම් ආදී වියදම් ලෙජර ගිණුම නැමැති තීරුවට ඇතුළත් කිරීම .
-ආපසු යැවුම් ජ නලය
ව්‍යාපාරයක් විසින් ණයට ගත් භාණ්ඩ විවිධ හේතුන් මත සාධාරණ කාල
සීමාවක් තුළ සැපයුම්කරුවන් වෙත හරවා යැවිය හැකි ය. මෙසේ ව්‍යාපාර මිලට ගත්
භාණ්ඩ ආපසු යැවීමට හේතු විය හැකි කරුණු කිහිපයක් පහත දැක්වේ.
¯ ඇණවුම් කළ භාණ්ඩ වෙනස් වීම.
¯ භාණ්ඩ නශ්‍ය වී තිබීම, කල් ඉකුත් වී තිබීම හෝ පලූදු වී තිබීම.
¯ භාණ්ඩවල මිල ගණන් වෙනස් වීම.
¯ භාණ්ඩවල ගුණත්වය, ප්‍රමිතිය බාල වීම.
¯ ඇණවුම අදාළ කාල සීමාව තුළ නො ලැබීම.
මෙසේ හරවා යවන භාණ්ඩ පිළිබඳ ව පොත්වල සටහන් කළ යුතු ය.
ව්‍යාපාරය විසින් නැවත විකිණීමේ අපේක්ෂාවෙන් ණයට ගත් භාණ්ඩ
සැපයුම්කරුවන්ට ආපසු යැවීමට අදාළ ගනුදෙනු සටහන් කරන මූලික
පොත- ආපසු යැවුම් ජ නලය වේ.
සීමාවක් තුළ සැපයුම්කරුවන් වෙත හරවා යැවිය හැකි ය. මෙසේ ව්‍යාපාර මිලට ගත්
භාණ්ඩ ආපසු යැවීමට හේතු විය හැකි කරුණු කිහිපයක් පහත දැක්වේ.
¯ ඇණවුම් කළ භාණ්ඩ වෙනස් වීම.
¯ භාණ්ඩ නශ්‍ය වී තිබීම, කල් ඉකුත් වී තිබීම හෝ පලූදු වී තිබීම.
¯ භාණ්ඩවල මිල ගණන් වෙනස් වීම.
¯ භාණ්ඩවල ගුණත්වය, ප්‍රමිතිය බාල වීම.
¯ ඇණවුම අදාළ කාල සීමාව තුළ නො ලැබීම.
මෙසේ හරවා යවන භාණ්ඩ පිළිබඳ ව පොත්වල සටහන් කළ යුතු ය.
ව්‍යාපාරය විසින් නැවත විකිණීමේ අපේක්ෂාවෙන් ණයට ගත් භාණ්ඩ
සැපයුම්කරුවන්ට ආපසු යැවීමට අදාළ ගනුදෙනු සටහන් කරන මූලික
පොත- ආපසු යැවුම් ජ නලය වේ.
Subscribe to:
Posts (Atom)